Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇවන්ගාඩ් නඩු විභාගය කල් යයි.

court-hammer

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ, සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය සැප්තැම්බර් මස 12  වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය  නියම කර ඇතැයි වාර්ථා වේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා  ඇත්තේ මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා රාජකාරි අවශ්‍යතාවයකට විදේශගත වී ඇති හෙයින් නඩු විභාගය කල් තබන ලෙසයි. ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස  12 වනදා දක්වා  කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි අවවාද කර ඇත.

එමෙන්ම විත්තියේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින නිශ්ශංක යාපා සේනාධිපති හා පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට මීළඟ නඩු දිනය දක්වා විදේශගත වීමට සඳහා පනවා තිබූ තහනම ලිහිල් කිරීමටද නියම කර තිබේ.

 

The post ඇවන්ගාඩ් නඩු විභාගය කල් යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();