එංගලන්ත පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්විය.
ඒ ඊයේ දිනයේදී කොළොම්බියා කණ්ඩායම දඬුවම් පහර වටයකින් පරාජයට පත්කරමිනි.
තරගයේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර දෙවැනි අර්ධයේ 57 වැනි විනාඩියේදී එංගලන්ත ක්රීඩක හැරී කේන් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගත්හ.
කෙසේ වෙතත් කොළොම්බියා කණ්ඩායමේ මිනා 93 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් තරගය සම කළේය.
ඒ අනුව තරගයේ ජයග්රාහකයා තෝරා ගැනීමට දඬුවම් පහර වටයට පිවිසි අතර එහිදී අවස්ථා එංගලන්තය අවස්ථා 4ක් සාර්ථක කර ගනිද්දී කොළොම්බියාවට සාර්ථක කර ගැනීමට හැකිවූයේ අවස්ථා තුනක් පමණි. ඒ අනුව තරගයේ ජය එංගලන්තයට හිමිවිය.
0 Comments