Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ට්‍රම්ප් හා පුටින් ඓතිහාසික හමුව

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ලෝක දේශපාලනයේ තවත් තීරණාත්මක හමුවක් අද පැවැත්විය.

ප්‍රථම නිල සාකච්ජාව පැවැත්වුණේ, ෆින්ලන්තයේ හෙල්සින්කි හි ජනාධිපති මැදුරේදී ය.

පැයක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී වෙළඳාම, යුද කටයුතු, න්‍යෂ්ටික අවි සහ චීනය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

සාකච්ඡාවෙන් පසු රාජ්‍ය නායකයින් දෙදෙනා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද සමග දිවා ආහාරයට ද එක්විය.

අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් හා වැලැදිමීර් පූටින් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්විය.

මේ අතර අමෙරිකාවේ මැතිවරණ ව්‍යාපාරයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද රුසියානු ජනපතිවරයා මෙහිදී අදහස් පල කළේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්

දෙරටේ සබඳතා බිඳවැටීමට හේතුව ලෙස අමෙරිකාව හා රුසියාව දෙරටම වගකිව යුතුයි. මම හිතනවා අමෙරිකාව මෝඩ වෙලා තියෙනවා. මෙම සාකච්ඡාව සිදුවිය යුතුව තිබුණේ ගොඩක් කාලෙකට පෙර. අපි සියලු දෙනාම වරද භාර ගන්න ඕනා. මම හිතනවා දැන් අමෙරිකාව රුසියාව සමග ඉදිරියට පය තබලා තියෙනවා කියලා. 

 

මෙහිදි මාධ්‍යවේදියෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපතිවරයාව තරගකාරයෙකු ලෙස හඳුන්වාදීම පිළිබදව ප්‍රශ්ණ කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

මම ඔහුව තරගකරුවෙකු ලෙස හැඳින්වුවා. ඔහු අනිවාර්යෙන්ම හොද තරඟකරුවෙක්. මම හිතනවා තරඟකාරයෙකු ලෙස ඔහුව හැඳින්විම මම ඔහු ගැන කරන වර්ණනාවක්.

දෙරටේ නායකයන් මෙලෙස එකිනෙකා හමුවන්නේ සයිබර් ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව අමෙරිකාව නඩු පවරා ඇති පසුබිමකදී ය .

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();