- ගමට ගිහින් ගැටලු විසඳයි
- ගමේ අය ලක්ෂ 190 කට සෙත සලසන ‘ග්‍රාම සංවර්ධනයේ වසන්ත සමය’ ඇරැඹේ
අපේ රටේ ජනතාවගෙන් සියයට 75 ක් තවමත් ජීවත්වන්නේ ගමේ ජනතාව ලෙසය. ඒ ගමේ ජනතාවට ‘ග්‍රාම සංවර්ධනයේ වසන්ත සමය’ මගින් අලුත් හෙටක් සුබ අනාගතයක් උදා කරලීමට රජය දැන් කාර්යක්ෂමව අලුත් වැඩපිළිවෙළක් අරඹා ඇත.
සියලු මැති ඇමැතිවරු රාජ්‍ය නිලධාරීන් සමඟ ඒ වැඩපිළිවෙළට නායකත්වය දෙන්නේ මේ රටේ ප්‍රමුඛතම නායකයන් වන ජනපති අගමැති හා ජනාධිපති කාර්ය සාධක කමිටු සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරු වීම විශේෂත්වයකි.
රටේ ජනතාව සියයට 75 ක් ග්‍රාමීය ජනතාව වුවත් පසුගිය ආණ්ඩු ගමේ ජනතාවට හරියට සැලකුවේ නැත. අප රෙට් බොහෝ ගම් තවමත් මීට වසර 30 – 40 ක තිබූ අයුරින් ම තිබේ. ගමේ ජනතාවට ගොවි නිපැයුම් විකුණා ගැනීමට, තම අස්වැන්න වැඩි කරගැනීමට, හොඳ බීජ පැළ ලබාගැනීමට, ජලය හා අවශ්‍ය ඉඩම් ලබාගැනීමට ගමේ නිලධාරීන්වත් හරියට උනන්දු වන්නේ නැත. මේ නිසා අපේ ගම්මාන ටික මෙන්ම ගමේ ජනතාව හා ඔවුන්ගේ ආර්ථික, කෘෂිකර්ම, සාමාජීය, අධ්‍යාපනික තත්ත්වය හැමදාම එකම තැනකය.
පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපති පූර්ව මැතිවරණ සමයේ මේ පිළිබඳව අවධානය යොමුකර ගම සමඟ පිළිසඳර මඟින් ගමින් ගමට ගොස් ගම්වල ප්‍රශ්න පිළිබඳවත් සාකච්ඡා කළේය.
විශේෂයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මේ සඳහා ප්රමුඛ වැඩපිළිවෙළක් සකස්කර තිබුණි. එහිදී ගමේ ජනතාව ගමේ ප්‍රශ්න රැසක් හා ඊට විසඳුම් ඉදිරිපත් කළහ. මෙහිදී විශේෂයෙන් ගමේ අයගෙන් ම රටේ අනාගත සංවර්ධන වැඩපිළිවෙළ උදෙසා රටේ ජනමතය විමසනු ලැබීය. එකී මහජන අදහස් පරිපූර්ණ ලෙස සැලකිල්ලට ගනිමින් ‘සෞභාග්‍යයේ දැක්ම’ හෙවත් ජාතියේ අනාගත වැඩපිළිවෙළ ජනාධිපතිතුමා රටට ඉදිරිපත් කළේ ය.
ඒ සෞභාග්‍යයේ දැක්ම මත පදනම්ව 2021 අයවැය යෝජනා නිර්මාණය කරනු ලැබීය. එම වැඩපිළිවෙළ සක්‍රීය ලෙස යථාර්ථයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ අරමුණ ඉටු කිරීම පිණිස අපේ රටේ ග්‍රාම නිලධාරි වසම් 14022 ටම සෞභාග්‍යයේ දැක්ම ලබාදීම පිණිස ගම සමඟ පිළිසඳර වැඩ සමඟ යළි ගමට යටතේ ‘ග්‍රාම සංවර්ධනයේ වසන්ත සමය’ රටට දායාද කිරීම පිණිස වූ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
මෙම සමුළුවේ විශේෂත්වය වනුයේ ගම හදන ගම් නගා සිටුවීමට එක්වන සියලු නිලධාරීන් මැති ඇමැතිවරු සමඟ මෙම සමුළුවට රට පෙරට ගෙන යන බර කර ගහන අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, බැසිල් රාජපක්ෂ මහතාත් එකට එක්ව සිටීමයි.
මේ සමුළුවට අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු පමණක් නොව කෙළින්ම ගමට වැඩ කරන ප්‍රාදේශීය ලේකම්වරු ද පැමිණ සිටීම විශේෂත්වයක් විය. ඔවුන්ට ද මෙහිදී සිය අදහස් හා ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා විය.
මෙම සමුළුව ඇමතූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවධාරණය කළේ රටේ ඇති නීති රීති වගේම ගමේ ජනතා අවශ්‍යතා පිළිබඳව හා ජනතාව දෙස බලා ප්‍රශ්න විසඳීමට පියවර ගැනීම අවශ්‍ය බවය.
ඒ සඳහා පසුව ජනාධිපතිතුමා මහජන සුබ සිද්ධිය අරමුණු කරගෙන පවතින නීති හා රෙගුලාසි සරල කිරීමට සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කර ඇත.
අද නිලධාරීන්ගේ බලධාරීන්ගේ හා ඇමැතිවරුන්ගේ යුතුකම හා වගකීම කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් ගමේ ප්‍රශ්න විසඳීම බව ද ජනපති මෙහිදී අවධාරණය කළේ ය.
ඒ සමඟම මේ රටේ අයට වාහන හා ඉලෙක්ට්‍රොනික දේවල් නිපදවීම අපහසු වුවත් අපට අවශ්‍ය අපේ රටේ වැවෙන එළවළු පලතුරු ආදිය අපේ රටේම වගාකිරීම කළ හැකි බවත් ජනාධිපතිවරයා කීය. ඒ මගින් පිටරට ගොවියාට ගිය මුදල් අෙප් ගොවියා අතට ලැබීමට සලස්වන බව ද ජනාධිපතිවරයා පැවසීය.
75% ක් පමණ වන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ගොවි ජනතාව පාරම්පරිකව මුහුණදී ඇති ගැටලු සහ දුෂ්කරතා නිසා වර්තමාන පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත්ව සිටින අතර ඒ අය කෘෂිකර්මයට යොමු කිරීම අත්‍යවශ්‍ය බව ද ජනපති අවධාරණය කළේය.
මෙවර අය වැය ගොවි, ධීවර සහ කර්මාන්තවල නිරත ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගත්තත් එය ඡන්දය ලබාගැනීම පිණිස ක්‍රියාත්මක එකක් නොවන බවත් එය ක්‍රියාත්මක කිරීමට විදේශීය විශේෂඥයන්ගේ හෝ උපදේශකයන්ගේ සහාය අවශ්‍ය නොවන බව එම සමුළුවේදී පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පොළොව මත එය ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීම බව පැවසීය.
පාසල් අධ්‍යාපනයේ සිට සේවා අවශ්‍යතා ඉටු කර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක තාක්ෂණ භාවිතයේ නව තාක්ෂණික හුරුවක් කොරෝනා වසංගතය සමඟ ඇති වූ බවත් මෙරට නිලධාරීන්ට ඕනෑම මොහොතක අලුත් දෙයක් වැලඳගෙන වැඩ කිරීමේ හැකියාව ඉන් පෙන්නුම් වූ බවත් මෙය වටහාගෙන නූතන තාක්ෂණය හැකි උපරිම වේගයෙන් රාජ්‍ය ආයතන සමඟ අනුගත කිරීම රට දියුණු කිරීමට අවශ්‍ය බව ද මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පෙන්වා දුන්නේය.
ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ දී පැන නගින ගැටලු සහ ඒවා නිරාකරණය කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම ද සමුළුවේ සිදුවිය.
වන අලි මෙන් ම වෙනත් සතුන්ගෙන් වගාවන්ට වන හානි අවම කර ගැනීමට රජය පියවර රැසක් ගෙන ඇතැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහජන නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලුවලට පිළිතුරු දෙමින් පැවසීය.
මෙම සමුළුව සංවිධානය කර තිබුණේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය මඟිනි.
මේ අනුව රටේ ජනපති, අගමැති හා බැසිල් රාජපක්ෂ යන මහත්වරු ගම නගා සිටුවමින් ගම දියුණු කිරීම මඟින් රටේ ආර්ථික ප්‍රවර්ධනයට පමණක් නොව අපේ රටේ ජනගහණයෙන් ලක්ෂ 190 කට වැඩි ජනතාවකට සුබ අනාගතයක් ලැබෙන බව ද ඒකාන්තය.
මේ නිසා මැති ඇමැතිවරු ඉහළ රාජ්‍ය නිලධාරීහු පමණක් නොව විශේෂයෙන් ගමේ රාජ්‍ය නිලධාරීන් කළ යුත්තේ ජනපති මෙහිදී පැවසූ අයුරින් ගමට ගොස් ගමේ ජනතාවගේ ගැටලු විසඳා ගම සුඛිත මුදිත කිරීමට පියවර ගැනීමයි.
from silumina
0 Comments