පසුගිය දිනක කලවංචිකුඩි පොලිස් වසමේ රාත්රී කාලයේ නිවසක දොර කඩා ඇතුළු වී නිවැසියන්ට පහරදී බියගන්වා රන් භාණ්ඩ, මුදල් සහ ජංගම දුරකථන කොල්ලකෑමට සම්බන්ධව සැකකරුවෙකු කලවංචිකුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ. එම සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී ඔහු යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ අයෙකු බවටද අනාවරණය වී ඇතැයි පැවසේ.
සැකකරු සමඟ ඉහත කී නිවස කොල්ලකෑමට පැමිණි තවත් සැකකරුවන් දෙදෙනෙකුද එම සැකකරුගේ ප්රකාශ මත අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පෙරිය නිලාවෙනි, කන්නාමුනෙයි සහ එරාවූර් ප්රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අද කලවංචිකුඩි මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post දේපළ සොරකම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හසුවෙයි. appeared first on Lanka News Column.
0 Comments