Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තායිලන්තයේ ගුහාවක සිරවුණු පාපන්දු ක්‍රීඩකයන් නිරුපද්‍රිතයි

ඔවුන් ආරක්ෂිතව පිටතට ගැනීම මීළඟ අභියෝගයයි

දින නවයක් පුරා තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු උපදේශක ඇතුළු ළමයින් 12 දෙනා නිරුපද්‍රිතව හමුවුවත් මීළඟ අභියෝගය වන්නේ ඔවුන් ආරක්ෂිතව ඉන් පිටතට ගැනීම බව මෙහෙයුම් සිදු කළ දෙස් විදෙස් කණ්ඩායම් පවසයි‍. ඒ සඳහා මාස කිහිපයක් ගත විය හැකි බව එරට හමුදාව පවසයි.

මූලික අවශ්‍යතාවල‍ට අමතරව විදුලිය මෙන්ම ඔවුන්ගේ මවුපියන් සමඟ කතා කිරීම සඳහා දුරකතන සම්බන්ධතාව ලබාදීමටද මේ වන විට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජලයෙන් පිරීගිය ලෙන තුළ සිර වී සිටි මේ කණ්ඩායම සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනෙකු බවත් ඔවුන් ජලයෙන් යට නොවූ එක් කුහරයක ආරක්ෂිතව සිටින බව එම කණ්ඩායම් තහවුරු කරයි. කෙසේ වුවත් ඔවුන් ඉන් පිටතට ගැනීම නව මෙහෙයුමක් ලෙස ආරම්භ කරන බව සඳහන් වේ. මෙසේ සිරවී සිටින කණ්ඩා‍යමේ වැඩිමහල්ම සාමාජිකයා වන්නේ 25 හැවිරිදි පුහුණුකරු වන එකාපොල් ජනාතවොන්ග් වන අතර සෙසු පිරිස අවුරුදු 11-16ත් අතර පසු වේ.

වීර චාරිකාවල නිරත වීමට කැමැත්තක් දක්වන මේ කණ්ඩායම අතුරුදන් වූ බව දැනගත් වහාම ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කළ තායිලන්ත රජය චීනය, මියන්මාරය, ලාඕසය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවලින් සහන සේවකයන් සහ දිවි ගලවා ගැනීමේ කටයුතුවල නියැළෙන විශේෂඥයන් දහසකට වැඩි පිරිසකගේ සහාය ලබා ගත්තේය. ඔවුන් ආරක්ෂිතව සිටින බවට තොරතුරු ලැබීමත් සමඟ සතුටට පත් තායිලන්ත ජනතාව එය සැමරීමට ඔවුන්ගේ මවුපියන් සමඟ එක් වූ බව වාර්තා වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();