Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ වැස්සෙන් මුම්බායිහි දුම්රිය පාලමක් කඩාවැටෙයි

ඇද හැළුණ ධාරාණිපාත මෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායිහි දුම්රිය පාලමක් කඩා වැටී තිබේ. නගරයේ බටහිර දුම්රිය මාර්ගයේ වඩාත්ම කාර්ය බහුල අන්ධෙරි දුම්රිය පොළේ තිබූ මේ පාලම කඩා වැටීම නිසා තුවාල ලැබූ පස් දෙනෙකු රෝහල් ගත කළ බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දුම්රියපොළ මගීන්ගෙන් පිරී ගොස් ඇති අතර ලොව වැඩිම ජනගහනය සහිත නගර අතර සිවුවැනි ස්ථානයේ පසු වන මුම්බායිහි මේ වන විට විශාල වාහන තදබදයක් ද ඇති වී තිබෙන බව වාර්තා වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();