මැණික් ගල් තොගයක් සමග චීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන ඇති බව සඳහන් වේ. නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය පවසා ඇත්තේ, එහි වටිනාකම රුපියල් 48 64,777ක් බවයි.
ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා ඇය මෙම මැණික් බැංකොක් සිට මෙරටට රැගෙන විත් ඇති බව ද ඔහු සඳහන් කර ඇති අතර සැකකාරිය සන්තකයේ තිබී විශාල ප්‍රමාණයේ මැණික් ගල් 18 ක් සහ ඇසුරුම් 13 ක රදවන ලද කුඩා ප්‍රමාණයේ මැණික් තොගයක් රේගු භාරයට ගෙන ඇති බව පැවසේ.
සැකකාරිය රුපියල් 40,000 දඩයක් මත මුදා හැර ඇති බවත් මැණික් තොගය රාජසන්තක කළ බවත් නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post මැණික් සමඟ කාන්තාවක් හසුවෙයි. appeared first on Lanka News Column.
0 Comments