Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රියැලිටි තරඟවලට ළමා ආරක්ෂක අධිකාරියෙන් ප්‍රමිති මාලාවක්.

Child_Protection_Authority

ළමයින් යොදාගෙන සංවිධානය කරන ඇතැම් රූපවාහිනී රියැලිටි තරගවලදී වක්‍රාකාරයෙන් ළමා අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් හා ළමයින් අපහරණය වීමක් වන්නේ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය චෝදනා කර සිටී. ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිර්මාණය කරගෙන ඇති ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නෛතික එකඟතා රැසක් උල්ලංඝණය වන තැනට මෙම රියැලිටි ෂෝ තරග ගමන් කර ඇතැයි ද එම නිසා අදාළ රූපවාහිනී වැඩසටහන් සන්විධානය සම්බන්ධයෙන් ප්‍රමිතින් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරන්නේ යැයි එහි සභාපති නීතිඥ එච්.එම් අබේරත්න සඳහන් කර ඇත.

අදාළ රියැලිටි තරගවල පුහුණු කටයුතුවලදී මෙන්ම විනිශ්චය ලබාදීම්වලදී මෙම අයිතිවාසිකම් උල්ලංඝණය වීම් වන්නේ යැයි චෝදනා කර  ඇති සභාපතිවරයා වාණිජ අරමුණු මුදුන් පමුණුවා ගනිමින් උපක්‍රමශීලී ලෙස නීතියෙන් රිංගා යාමක් එහිදී සිදුවන්නේ යැයි අවධාරණය කර ඇත.

විශේෂයෙන්ම ඇතැම් තරගවලදී ගැහැණු දරුවන්ගේ ශරීර විවිධ පුද්ගලයන් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමක් සිදුවන්නේ යැයි ද එය ප්‍රශ්න නොකර අත්පොලසන් දීමෙන් සිදුවන්නේ සමාජීය වශයෙන් නිහඬ අනුමැතියක් දීම යැයි සභාපතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම ඇතැම් විනිශ්චය මණ්ඩලවල සාමාජිකයන්ගේ ප්‍රකාශ නිසා දරුවන් චිත්ත වේගාත්මක වශයෙන් අපයෝජනය වීමක් සිදුවන්නේ යැයි ද එය දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනයට ඉමහත් බලපෑමක් කරන්නේ යැයි ද සභාපතිවරයා පවසා ඇත. චිත්ත වේගාත්මක අපයෝජනය ඇතැම් විට ශාරීරික අපයෝජනයකට ද වඩා දරුණු විය හැකි යැයි ද එම නිසා මෙම තත්ත්ව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරන්නේ යැයි ද නීතිඥ අබේරත්න වැඩිදුරටත් සඳහන් කර ඇත.

The post රියැලිටි තරඟවලට ළමා ආරක්ෂක අධිකාරියෙන් ප්‍රමිති මාලාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();