Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“නිසි විසඳුම් නොදුන්නොත් පාරට බහින්න සූදානම්” – නාමල් කරුණාරත්න.

Govijana

වී අස්වැන්න ලැබීමට ආසන්නව පවතිද්දී මේ වන විට රටේ විශාල වශයෙන් වී මිල පහත වැටී සහල් මිල ඉහළ ගොස් ඇතැයි ද කඩිනමින් මේ තත්ත්වය පාලනය කිරීමට රජය මැදිහත් නොවුන හොත් ඉදිරියේදී  ගොවි ජනතාව සමඟ පාරට බසින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කර සිටී.  ඔහු  මේ බව කියා සිටියේ  වී මිල පහත වැටීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් 15 දින දඹුල්ල ප්‍රදේශයේ පවත්වමිනි.

වී අලෙවි මණ්ඩලය තම සංවිධානය මගින් ලබාදුන් යෝජනා  මේ  වසරේ සිට  ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති තීරණ පිළිබඳව සහාය පළ කරන බව පවසා සිටි අතර ඉදිරියේදී ගොවීන්ගෙන්   මිලදී ගන්නා වී අලෙවි නොකර සහල් බවට පත්කොට සහන මිලට ජනතාවට සහල් අලෙවි කිරීමේ වැඩසටහන පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට ස්තුතිවන්ත වන බව ද සඳහන් කළේය.

එහෙත් මෙහිදී නාමල් කරුණාරත්න, විශේෂයෙන් සඳහන් කළ සිටියේ පසුගිය කන්නවල රටේ හාල් අවශ්‍යතාවයට වඩා සහල් නිෂ්පාදනය වී තිබුණු බවත් එමෙන්ම අනවශ්‍ය ලෙස සහල් තොග විදේශ රටවලින් ගෙන්වා ඇති බව ද සඳහන් කළේය. සහල් මිල විශාල වශයෙන් ඉහළ දමා  ජනතාව පහසුතාවයට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.

තම සංවිධානය මගින් රජයට ඉදිරිපත් කළ යෝජනා කිහිපයක් පිළිබඳවද සඳහන් කරමින් එම යෝජනා වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කළ බව ද සඳහන් කළේය. ඉන් එක් යෝජනාවක් බවට පත්ව ඇත්තේ වී මිලදී ගැනීමේදී ගොවියා අපහසුතාවයට පත්වන ආකාරයේ ලියකියවිලි ඉවත් කිරීම, ඒ සඳහා පොහොර නිකුත් කළ නාම ලේකනය  යොදා ගැනීම, ගොවීන්ගෙන් රජය වී මිලදී ගැනීමේදී දින ගණනාවක් තිස්සේ දිගු පෝළිම්වල තබා ගැනීමකින් තොරව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීම, එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 වෙනුවට වී කිලෝ හාරදහසක් මිලදී ගැනීම, එමෙන්ම ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග පුද්ගලික  ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීම නැවතීම, එම වී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් කරුවන් සමග එක්ව සහල් බවට පත්කොට (වී එම් වී  රයිස්) නැමැති නාමයකින් සහතික මිල ගණන් යටතේ අලෙවි කිරීම,   බෑගයක් නොමිලේ ලබාදීම යන කරුණු වලට එකඟතාව පළ කළ බව ඔහු  කියා සිටියේ ය,

එහෙත් කිසිදු ආකාරයකින් වී ගොවීන් හට ප්‍රබල ව්‍යාපාරිකයන් එක්ව සිදුකරන්නට යන වී ජාවාරමට කිසිසේත් ඉඩ නොතබන බවත් රජය වී ගොවීන් පිළිබඳ කඩිනම් අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී ගොවීන් සමග පාරට බැස ඒ සඳහා නායකත්වය දෙන බවත් නාමල් කරුණාරත්න මෙහිදී සඳහන් කළේය.

The post “නිසි විසඳුම් නොදුන්නොත් පාරට බහින්න සූදානම්” – නාමල් කරුණාරත්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();