Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු වොලිබෝල් සම්මේලනයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂණයක් ඉල්ලයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

බහරේන්හී දැන් පැවැත්වෙන වයස 20න් පහළ ආසියානු වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට සිදුව ඇති අසාධාරණයක් පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ආසියානු වොලිබෝල් සම්මේලනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය ඉල්ලයි. සත්කාරක බහරේනය විසින් හදිසියේම තරග කාල සටහන වෙනස් කිරීමෙන් කසකස්තානය සමග තරග දෙකකට මුහුණදීමට සිදුවීම ප්‍රශ්නයක් බව විරෝධතාව මගින් දැනුම්දී ඇත.

මාස 5කට පෙර සියලු රටවල අනුමැතියෙන් සකස් කළ තරග කාල සටහන තරගාවලිය පැවැත්වෙන අතරතුර කාලයේදී වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නැතැයි රටවල් කිහිපයක්ම පෙන්වාදී ඇත. බහරේනය මූලික වටයෙන් පසුව ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයට ඇතුළු වී ඇති අතර ඔවුන් පිවිසිය යුතුව තිබුණේ වෙනත් කාණ්ඩයකටය.

මේ හේතුවෙන් කණ්ඩායම් කිහිපයකටම ගැටලුකාරී තත්ත්වයක් ඇතිව ඇති අතර තරග කාල සටහන වෙනස් කිරීම අනුව පසුගිය වසරේ 7වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 9වැනි ස්ථානයට හා පසුගිය වසරේ සිවුවැනි ස්ථානයේ සිටි ජපානය 13වැනි ස්ථානය දක්වා පහළ බැස ඇත.

ඔස්ට්‍රේලියාව මේ තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවට 3-1ක් ලෙස පරාජයට පත්වුවද 7වැනි ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් පසුගිය වසරේ තරගාවලියේදී 9වැනි ස්ථානයේ සිටි කණ්ඩායමයි.

තරගාවලිය අදින් අවසන් වුවද ඉදිරියේදී මෙවැනි හදිසි විකෘතිවීම් සිදු නොවීමට වග බලා ගැනීමේ අරමුණින් පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා කළමනාකාරීත්වයේ අරමුණවී තිබේ.

මේ තරගාවලියේ මූලික වටයේදී කසකස්තානය හා ඔස්ට්‍රේලියාව පරාජයට පත්කළ ශ්‍රී ලංකා පිල අවසන් 16 වටයට සුදුසුකම් ලැබූ අතර එහිදී නැවැත කසකස්තානය ඉදිරියේ තරග කොට 3-1ක් ලෙස පරාජයට පත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();