Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යොවුන් ඔලිම්පික් උළෙලට අමාෂා සුදුසුකම් ලබයි

ආර්ජන්ටිනාවේ බුවනර්ස් අයර්ස්හීදී ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව මහනුවර ස්වර්ණමාලී බාලිකාවේ අමාෂා ද සිල්වාට හිමිවෙයි. මෙයට පෙර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකු යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටි අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය කළ ඉල්ලීමක් අනුව එම විශේෂ අවස්ථාව හිමි විය. ජපානයේදී නිමාවට ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 කාන්තා හා මීටර් 200 කාන්තා රිදී පදක්කම් දිනාගත් මහනුවර අමාෂා ද සිල්වා වාර්තා කළ කාලය අනුව ඇයට අවස්ථාවක් ලබාදෙන ලෙස මලල ක්‍රීඩා සංගමය ඊමේල් මගින් සංවිධායකයන් දැනුම්වත් කර ඇති අතර පසුව එයට අනුමැතිය හිමිව තිබේ.

මෙයට පෙර මීටර් 2000 බාධක දිවීමේ ක්‍රීඩිකා පාරමී වසන්ති, මීටර 400 ක්‍රීඩක දිලාන් බෝගොඩ, උස පැනීමේ ක්‍රීඩක සෙනිරු අමරසිංහ හා මීටර 200 ක්‍රීඩිකා ෂෙලින්ඩා ජේසන් යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමි කරගෙන සිටියහ. මෙයින් පාරමී වසන්තී මීටර් 2000 බාධක දිවීමේ යොවුන් ලෝක ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 ස්ථානයේ සිටීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();