ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් තරග 6ක් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි. ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති කොන්ත්‍රාත් ගිවිසුමේ ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම මත මේ දඬුවම පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත.
දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ගුණතිලකට හිමි වීමට නියමිත තරග ගාස්තුව හා ප්‍රසාද දීමනා සියල්ල අත්හිටුවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. මේ දඬුවම් පැනවීමත් සමග පසුගියදා ඔහුට එරෙහිව පනවා තිබූ වසරක තරග තහනම ඉවත් වේ.
දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලිය අතරතුරදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී කාමරයට නියමිත වේලාවට නොපැමිණීම හා සිය මිතුරකු කාමරයට ගෙන්වා ගැනීම සම්බන්ධව ධනුෂ්කට චෝදනා එල්ල විය. මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර මේ සිද්ධියට නෝර්විජියානු කාන්තාවන් දෙදෙනකු සම්බන්ධවීම හරහා කොල්ලුපිටිය පොලීසිය වෙනම පරීක්ෂණයක් පැවැත්විය.
ධනුෂ්ක ගුණතිලක විනය නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මෙයට පෙර වාර්තාවී තිබූ අතර බංග්ලාදේශය සමග තරගාවලියේදී තමීම් ඉක්බාල්ට අනිසි වාග් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව දඩ මුදලක් අය කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පියවර ගත්තේය. එයට අමතරව පුහුණු සැසිවලට නියමිත පරිදි සම්බන්ධ නොවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අවවාද හිමිව තිබුණි.
0 Comments