Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලන පළිගැනීම් මුවාවෙන් ස්ත‍්‍රී දූෂකයින්ට, සා.පෙළ අසමත් අයට උසස්වීම්.

lnc 4

ගුරු සංගම් විසින් 26වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ වර්ජනය හදිසියේ අත්හිටුවන ලදී. මේ පිළිබඳව දැන ගැනීමට ජවිපෙ ප‍්‍රචාරක ලේකම්, ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.

“අපි දිගින් දිගටම අකිල විරාජ් ඇමතිවරයාට පෙන්නල දුන්නා, මේ පත්වීම්වල තියෙන අසාධාරණය ගැන. අකිල විරාජ් මේ කරන්න යන්නේ තමන්ගෙ හෙංචයියන්ට උස්සවීම් ටිකක් අරන් දෙන්න. දේශපාලන පළිගැනීම් වෙලා තියෙනවා කියලා හැමෝටම උසස්වීම් දෙන්න බැහැ. සාපෙළ අසමත් අය පවා මේ ඇමතිගෙ ලැයිස්තුවේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ස්ත‍්‍රී දූෂණවලට චෝදනා ලබපු අයත් ඉන්නවා. ඒ නිසා අපි වර්ජනයක් කරන්න සැලසුම් කළා. ඒත් ජනාධිපතිතුමා සාකච්ඡාවක් ලබාදුන් නිසා වර්ජනය නැවැත්තුවා. ගුරු සංගම්වල පළමු අදියරේ සටන් ජයග‍්‍රගණයක් ලැබුවා. ජනාධිපතිතුමාට නැවත කමිටුවක් පත්කරන්න සිදුවුණා. අකිල විරාජ්ටත් හොඳ පාඩමක් කියලා දුන්නා.” මහින්ද ජයසිංහ පවසා ඇත.

“එජාපය බැඳුම්කර හොරු ගැන හොයන්න පත් කළේ යූඑන්පී එකේ කමිටුවක්. දේශපාලන පලිගැනීම් හොයන්න දැම්මෙත් යූඑන්පී කමිටුවක්. යූඑන්පී කමිටුවෙන් යූඑන්පී සාමාජිකයින්ට පත්වීම් දෙන්න හදනවා. මේක ජනාධිපතිතුමාට දැනගන්න වර්ජනයක්ම කැඳවන්න සිද්ද වුණ එකයි කණගාටුව” විජිත හේරත් පවසා ඇත.

The post දේශපාලන පළිගැනීම් මුවාවෙන් ස්ත‍්‍රී දූෂකයින්ට, සා.පෙළ අසමත් අයට උසස්වීම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();