ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා සාධනීය මැදිහත් වීමක් ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු විය යුතු බව ලෝක දෘශාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති ජී. කේ. මහාන්තීෂ් මහතා ප්‍රකාශ කළේය. ඉන්දු - ශ්‍රී ලංකා දාශ්‍යාබාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තරග 4-1ක් ලෙස ඉන්දීය පිල දිනා ගැනීමෙන් පසුව ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් මොහාන්තිස් මහතා මේ අදහස් පළ කළේය.
මේ තරගාවලියේ අවසන් තරගය පසුගියදා බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති අතර ත්‍යාග ප්රදානය ශ්‍රී ලංකාා ක්‍රිකට් පිලේ හිටපු නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලෝක දෘශාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
“ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය ජය ගැනීමට සමත් වුණා. එය හොඳ ප්රවණවක්. ඒ වගේම ලෝක දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති මගෙන් ඉල්ලා සිටියා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සඳහා මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දෙන ලෙස. නමුත් මම උපදෙස් දුන්නොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට සහාය දීම නතර කරාවි. ඒ නිසා කටවහ ගෙන ඉන්න එක හොඳයි. නමුත් මම දෘශාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ නිතරම එකට සිටිමින් ඔවුන්ට ශක්තියක් වෙනවා. අපිට අනාගතයේදී තවත් හොඳ ප්‍රතිඵල ඔවුන්ගෙන් ලබා ගැනීමට හැකිවේවි.‘ අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළේය.
“ලෝකයේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව දියුණුව වී තිබෙන්නේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලවල මැදිහත් වීමෙන්. ඉන්දියාව, පාකිස්ථානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඊට උදාහරණ. දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ එම රටවල පාලක මණ්ඩල යටතේයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගය අවශ්‍ය වනවා. ඒ අනුව දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයත් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයත් එකට එක් කළ යුතු බව මම සිතනවා. එය සිදු කිරීමට රජයට උපදේශයක් ලබා දෙන්නැයි මම අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිරන්තර සහයෝගය නැත්නම් දෘශ්‍යාබාධිත ක්‍රිකට්වලට ඉදිරියට යන්න බැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සෙල්ලම් කළ විදිහ බොහෝම සිත්ගන්නා සුලුයි.‘ ලෝක දාශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඉතා දුක් මහන්සියෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉහළ ප්‍රගතියකට පැමිණීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව ජය සංකේත ප්‍රදානයට එක් වෙමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.
0 Comments