Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්දගේ චීන ගනුදෙනු ගැන තවත් තොරතුරු එළියට එයි.

mahinda- china

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පිළිබඳ ආන්දෝලනයට තුඩු දුන් වාර්තාවක් නිකුත් කළ ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනියුක්ත මාධ්‍යවේදීනිය තවත් අනාවරණයක් සිදු කර ඇත. ඒ සිය පෞද්ගලික ට්ටිවර් ගිණුමෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

එමගින් ඇය පවසන්නේ චීනය මගින් ශී‍්‍ර ලංකාවට ඉක්මන් ණය පහසුකම් සලසා දුන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් කරුණු අනාවරණය කර ගනිමින් සිටන බවයි.

වරාය ඉදිකිරීම් වැනි මහාපරිමාණ ව්‍යාපෘති සඳහා ණය මුදලක් අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරයේ සිය සමීපතම හිතමිතුරා වූ චීනය දෙසට හැරුනු බවයි ඇය පවසන්නේ. ඒ අනුව චීනයද හිටපු ජනාධිපතිවරයා හට ඉක්මන් ණය ප‍්‍රධානයන් සිදු කර ඇතැයි එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ඉන්දියාව වැනි සමීපතම රාජ්‍යන්ගේ විරෝධතා මධ්‍යයේ වුවද හිටපු ජනාධිපතිවරයා ණය මුදල් ලබා ගෙන ඇති බවත් ව්‍යාපෘතිවල ඇතැම් පියවරන් අසාර්ථක වූ බවත් එම අනාවරණයන්හි සඳහන් වේ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පළවූ අනාවැකි සඵල කරමින් චීනය මගින් සිදු කළ එහි ඇතැම් කටයුතු අසාර්ථක වූ බවත් ඇය පවසා සිටී. කාර්යය බහුල මුහුදු මාවතක් වුවද හම්බන්තොට වරාය පසුකර ජාත්‍යන්තර නැව් රැසක් ගමන් කර ඇති බවයි ඇගේ වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රාජපක්ෂවරු සහ ඔවුන්ගේ  කණ්ඩයම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මඩ පත්තරයක් බවට ලඝු කොට ඔවුන් ඉදිරිපත්කරන චෝදනා වලින් පැන යාමට උත්සාහ කලත්  ඔවුන්ගේ  මෙම  කටයුතු සාක්ෂි සහිතව මේ වනවිට ජාත්‍යන්තරය පුරා පැතිරයමින් පවතී.

The post මහින්දගේ චීන ගනුදෙනු ගැන තවත් තොරතුරු එළියට එයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();