Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු අගමැති අධිකරණය හමුවට.

Najib_Razark

අත්අඩංගුවට පත් වී ඇති මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් අද ක්වාලාලම්පූර් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. ඒ, මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව බව පැවසේ.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු අග්‍රාමාත්‍යවරයා දූෂණ විරෝධි කොමිසම් මූලස්ථානයේ සිට අධිකරණය වෙත රැගෙන ආ බවය. එමෙන්ම මලයාසියානු නීතිපති ටොමී තෝමස්,  නජීබ් රසාක්ට එරෙහි නඩුවෙහි පැමිණිල්ල මෙහෙයවීමට ද නියමිත බව සඳහන් වේ.

එමෙන්ම හිටපු අගමැතිවරයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. මලයාසියානු සංවර්ධන අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 10.6 ක මුදලක් නජීබ් රසාක්ට අයත් විදේශ බැංකු ගිණුමකට බැරකර තිබීම ඔහුට එල්ල වන එක් චෝදනාවක් බවත්  සඳහන් වේ.

මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අතුරුදන් වූ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බවත් සඳහන් වන අතර,  මෙම සැකකටයුතු ගනුදෙනු සිදුකෙරුණු සමාගම් හා බැංකු සම්බන්ධයෙන් ද විමර්ෂකයින්ගේ අවධානය යොමුව ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post හිටපු අගමැති අධිකරණය හමුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();