Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලුවී කුමරු බෞතිස්ම කිරීමේ නිල ඡායා නිකුත් වෙයි

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරු හා කේට් ආදිපාදවරියගේ තෙවැනි දරුවා වන ලුවී කුමරාගේ බෞතිස්ම කිරීමේ උත්සවය පසුගිය 09 වනදා පැවැත්වුණි.

එම උත්සවයේ නිල ඡායාරූප මේ වන විට නිකුත් කර තිබේ.

ශාන්ත ජේම්ස් මාළිගයේ රාජකීය දේවස්ථානයේ දී මෙම බෞතිස්ම කිරීමේ උත්සවය පැවැත්වුණු අතර වෘත්තිමය ඡායාරූප ශිල්පියෙකු වන මැට් හොලිඕක් විසින් මෙම උත්සවයේ අවස්ථාවන් ඡායාරූප ගත කර ඇත.

පස් සාමාජික පවුලක් ලෙස විලියම්-කේට් සිය දරුවන් තිදෙනා සමග නිල වශයෙන් ඡායාරූපයකට පෙනී සිටි පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.

මේ සම්බන්ධයෙන් ඡායාරූප 04ක් නිකුත් කර තිබේ.

කෙසේ නමුත් මහ රැජිණ සහ පිලිප් කුමරු මේ අවස්ථාව සදහා සහභාගී වී නොතිබුණු බව සදහන් වේ. ඊට හේතුව වී ඇත්තේ ඔවුන් අදාළ සතියේ දී අධික ලෙස කාර්ය බහුල වීම බව වාර්තාවල සදහන්ව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();