Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුව 19දා සිට.

Psychological_Health

ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුව මෙමස 19, 20 සහ  21 දිනයන්හිදී ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිත බව වාර්ථා වේ.

මෙහි සමාරම්භක උළෙල 19 දා පස්වරැ 2.00 ට සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී පැවැත්වේ. 

ශ්‍රී ලාංකීය මානසික සෞඛ්‍ය හෙද සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණුකරගැනීමේ අරමුණින්  පැවැත්වෙන මෙම සුමුළුවේදී හෙද හෙදියන් විසින් කරනු ලැබු පර්යේෂණ ඉදිරිපත්කිරීම ප්‍රධාන වශයෙන් සිදුකිරීමට නියමිත බව පැවසේ. මෙම පර්යේෂණ මගින් ශ්‍රීලාංකීය මානසික සෞඛ්‍ය හෙද සේවාවේ සාධනීය වෙනසකට ලක්කළ හැකි බව සංවිධායක මණ්ඩලය සඳහන් කර ඇත.

එක්සත් රාජධානියේ කිල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සුමතිපාල  විසින් මානසික සෞඛ්‍ය හෙද සේවාවේ පර්යේෂණ පිළිබඳ විශේෂ දේශනයක්ද මෙහිදී පැවැත්විමට නියමිතය බවත්  ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෙවද්‍ය අමාත්‍යාංශය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ මානසික සෞඛ්‍ය හෙද සංගමය මගින් මෙම වැඩමුළුව සංව්ධානය කරන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

The post ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුව 19දා සිට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();