Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා ඡන්දයට දින නියම වේ-පැරණි ක්‍රමයටද ,අලුත් ක්‍රමයටද තීන්දුව ලබන බ්‍රහස්පතින්දාට,

Election_in_Srilanka_2018

මේ  වන විට   කල්දමා  ඇති  උතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා තුනේ මැතිවරණ දෙසැම්බර් 23 වැනිදා හෝ ජනවාරි 05 වැනිදා හෝ අනිවාර්යෙන්ම පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී සියලු දෙනාගේ එකත්වයෙන් තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය 20වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී ඇති ආකාරයට දෙසැම්බර් 25 වැනිදා නත්තල් දිනය බැවින් ඒ සමග උත්සව සමය ආරම්භ වන නිසා බොහෝ දුරට 2019 වසරේ ජනවාරි මස 05 වැනිදා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනු ඇත.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයටද යන කාරණය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර නව ඡන්ද ක්‍රමයට මෙම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් සීමානිර්ණය කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය අනුමැතිය ලබාගැනීම කඩිනමින් සිදුකළ හැකි බවත් පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා  මෙහිදී පෙන්වා දී ඇත.

එහෙත් අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් හා නියෝජිතයන් දිගින් දිගටම ප්‍රකාශ කර තිබෙන්නේ සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලියට අනුමැතිය ලබාගැනීමේ කාරණය හේතුවෙන් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමිය නොහැකි බවයි.

පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවත් ඒ සඳහා කළ යුත්තේ ඊට සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගැනීම පමණක් නිසා පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික බව පක්ෂ නායකයන් කිහිපදෙනකුම පෙන්වා දී ඇත.

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ක්‍රමය ගැන ලබන බ්‍රහස්පතින්දා යළි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට තීරණය වී ඇත.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මෙම සාකච්ඡාවේදී පෙන්වාදී ඇත්තේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ස්වකීය අවසාන තීරණය කඩිනමින් ප්‍රකාශ කරන්නේ නම්, කවර ක්‍රමයක් යටතේ වුවද මැතිවරණ කඩිනමින් පැවැත්වීම සඳහා උපරිම දායකත්වය ලබාදිය හැකි බවයි.කථානායක කරු ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්පන්දන්, පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇතුළු පක්ෂ නායකයින් සහභාගී වී ඇති අතර ඊට අමතරව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.අවාසානයේදී තීරණය වී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා මේ ගැන අවසාන තීරණයක් ගැනීම සඳහා යළි රැස්වීමටය.

The post පළාත් සභා ඡන්දයට දින නියම වේ-පැරණි ක්‍රමයටද ,අලුත් ක්‍රමයටද තීන්දුව ලබන බ්‍රහස්පතින්දාට, appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();