කොළඹ ප්රදේශ කිහිපයකට අද (28) රාත්රී පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කර සිටී. ඒ අනුව අද රාත්රී 09.00 සිට හෙට අළුයම 06.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව පැවසේ.
වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මාලන, කළුබෝවිල, නැදිමාල ඇතුළු නුගේගොඩ ප්රබදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවත් එමෙන්ම රාජගිරිය රෝයල් පාර්ක්,ලේක් ගාඩ්න්, බණ්ඩාරණායකපුර, පැලවත්ත සහ මුල්ලේරියාව යන ප්රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටී.
මීට අමතරව කොළඹ 05 ප්රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටී.
The post කොළඹට ජල කප්පාදුවක්. appeared first on Lanka News Column.
0 Comments