බන්ධනාගාර තුළ මත්කුඩු, ජංගම දුරකථන තිබේ නම් බන්ධනාගාර බුද්ධි අංශයක් තිබීමෙන් ඵලක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ ඊයේ දින රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවා හැරියේ ඇයි?
බුද්ධි අංශයක් අවශ්‍ය නෑනේ ඇතුලේ කුඩු තියෙනවා නම්, දුරකථන පහසුකම් තියෙනවානම්, බුද්ධි අංශය මුවාවෙන් වෙන වෙන වැඩකටයුතු වෙනවානම් මට ගොඩක් පැමිණිලි ඒ සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා. ඉදිරියට මොකක්ද කරන්නේ කියන දේ ගැන මම තාමත් තීරණයක් අරන් නෑ. අද වුනත් ඇතුලේ ඉන්න අය මම දන්න අයට කතාකරලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධි අංශය අසමත් වෙලා තියෙනවා. බුද්ධි අංශයට යම් යම් පාලනය කරන්න බැරි දේවල් ඇති ඇතැම් බුද්ධි අංශය හොයාගත් දේවල්වලට දෙපාර්තමේන්තුව හැටියට පියවර අරන් නෑ. බුද්ධි අංශය තියෙනවා නම් බුද්ධි අංශයෙන් ලැබෙන තොරතුරු අනුව වැඩකටයුතු කරන්න ඕනි. එහෙම අංශයකින් වැඩක් නෑ. බන්ධනාගාර බුද්ධි අංශය ඉදිරියට පවත්වගෙන යනවද නැද්ද කියලා මම තීරණයක් ගන්නවා.
බුද්ධි අංශයට නව පත්වීම් කරනවද?
නෑ නෑ තවම එහෙම එකක් නෑ. අපිට මාධ්‍යට ඒ දේවල් කිය කිය කරන්න බෑනේ. කරලා ඉවර වුණාම මාධ්‍ය දැනගත්තම හොදයි.
මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් අදහසක්?
නෑ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා. ඒකට අපිට ගොඩක් කරුණු හොයන්න තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වුණු අය හොයන්න ඕනි. ඊට පස්සේ නඩු කටයුතු සම්බන්ධයෙන් විස්තරයක් ලබාගන්න ඕනි. නිතිපති දෙපාර්තමේන්තුව හරහා ඒ අයගේ නඩුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරගන්න ඕනි. ඊට පස්සේ තමයි ඊළග කටයුතු කෙරෙන්නේ.
මේ දේ ක්‍රියාත්මක වුණොත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති හැටියට බන්ධනාගාරවලට උපදෙස් දීලා තියෙනවද ඇතුළේ කටයුතු සිද්ධ වෙන ආකාරය සම්බන්ධයෙන්?
නෑ ඉතින් බන්ධනාගාරයෙන් කරන්න දෙයක් නෑනේ. බන්ධනාගාරයට කරන්න තියෙන්නේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න විතරයිනේ.
මීට පෙර අලුගෝසු තනතුරට පවා බදවාගැනීම් සිද්ධ කළා. ඒකට කිහිප දෙනෙක් බදවාගැනීම් ආවා?
අලුගෝසු තනතුර මෙහෙමයි. ඒක පවතින තනතුරක්. අවශ්‍ය නම් බදවා ගන්න පුළුවන්. සමහරු නිකන් වැඩකරන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක හොදයිනේ. ආණ්ඩුවට බරකුත් නෑ. මේක එච්චර ගැටළුවකුත් නෑ තාම. එල්ලා මරන එක සම්බන්ධයෙන් අපි තාම අවසන් තීරණයක් අරන් නෑ. යම් යම් කරුණු හොයාබලලා අවශ්‍ය දේවල් හෙළිදරව් කරගෙන තියෙනවා.
The post ඇතුලේ කුඩු, ෆෝන් තියෙනවා නම් බුද්ධි අංශයක් වැඩක් නෑ – ඇමතිනිය කියයි. appeared first on Lanka News Column.
0 Comments