පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ඇති වී ඇති අර්බුධකාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දෙමසක කාලයක් විශ්වවිද්‍යාලය වසා තැබීමට විශ්වවිද්‍යාල පාලක සභාව විසින් තීරණය කොට ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම කාල සීමාව තුළ සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන අතර හදිසි අවශ්‍යතාවයකට විශ්වවිද්‍යාලය තුළට ඇතුළුවීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනායාරක්ෂක නිලධාරී හෝ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගෙන් අවසර ලබා ගත යුතු බව සඳහන් වේ.
නැවත විශ්වවිද්‍යාලය විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම්දීමට විශ්වවිද්‍යාල පාලක සභාව විසින් කටයුතු කරනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post පේරාදෙණිය සරසවිය වසා දමයි. appeared first on Lanka News Column.
0 Comments