ඕස්ට්‍රේලියාවට රටවල් හයකින් ගලා ආ සරණාගතයන් 600 ක් හා ඔවුන් රැගෙන මිනිස් ජාවාරම්කරවන් පැමිණි බෝට්ටු 30 ක් නැවත හරවා යැවීමට ඕස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුමට පසුගිය කාලය ඇතුලත හැකිවූ බව ඕස්ට්‍රේලියා ආගමන හා විගමන නිලධරයෝ පවසති.
2013 වසරේ ඕස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුම ඇරඹීමට පෙර පස් වසරක කාලයක් ඇතුළත සරණාගතයන් 50,000 ක් දෙනා බෝට්ටු 800 කට වැඩි ප්‍රමාණයකින් එරටට ගල විත් ඇති බවටවාර්තා පවතින බව ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් කියයි.
ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමතිවරයා පවසන්නේ ඔස්ට්‍රේලියාවට පය ගැසීමේ බලාපොරොත්තුවෙන් 14,000 ක පමණ සරණාගතයන් පිරිසක් ඉන්දුනීසියාවේ නැවතී සිටින බවයි. මෙම පිරිස සමඟ නැවත තම ව්‍යාපාර කටයුතු ඇරඹීමේ බලාපොරොත්තුවෙන් මිනිස් ජාවාරම්කරුවන්ද සැදී පැහැදී සිටින බවත් ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමතිවරයා පෙන්වා දෙයි.
ඉන්දුනීසියා මිනිස් ජාවාරම්කරුවන් හා සරණාගතයන් යැයි සැක කෙරෙන පිරිසක් මුහුදු මාර්ගයෙන් උතුරු ඕස්ට්‍රේලියා දේශ සීමාවට ඇතුළුවීමට දරූ උත්සාහයක් ඕස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂණ බළකාය මගින් ව්‍යර්ථ කළ බව වාර්තා විය.
මෙම පිරිස ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ හා සරණාගත ප්‍රතිපත්තිවලට අනුකුලව නැවත හරවා යැවූ බවද ඕස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂණ බළකාය කියයි. ඕස්ට්‍රේලියා මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ දරු මෙම අනවසර බෝට්ටුවේ චීන ජාතිකයන් හත් දෙනකු හා ඉන්දුනීසියානුවන් තිදෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිට ඇත.
The post සරණාගතයන් 600 ක් මිනිස් ජාවාරම්කරවන් පැමිණි බෝට්ටු 30 ක් නැවත හරවා යැවෙයි. appeared first on Lanka News Column.
0 Comments