Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාපය තුළ රනිල්ට එරෙහි සටන නැවතත්?

Ranil_Rules_Sri_Lanka

2020 ජනාධිපතිවරණයට, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා පිළිබඳ මේවන විට එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

විශේෂයෙන්ම එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු එජාපයේ රනිල් හිතවාදී පිරිසක් පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බවත් පැවසේ. ඒ අනුව “සිරිකොත” ගමට ගෙනයන වැඩපිළිවෙළ නමින් ව්‍යාපෘතියක්ද අකිල විරාජ් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කර ඇති අතර එහි පළමු හමුව පසුගිය සෙනසුරාදා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ දිස්ත්‍රික් සංවිධාන හමුවීම් සහ රැස්වීම් මාලාවක් ලෙස එය පැවැත්වීමට එජාප මහ ලේකම්වරයා කටයුතු කර ඇත.

මෙම රැස්වීම්වලදී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී ජයග්‍රාහී මාවතකට රැගෙන යෑම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමත්, ඒ සඳහා පක්ෂ සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමත් සිදුකර ඇති අතර මීට අමතරව එජාපයේ ප්‍රාදේශීය නායකයන් සහ පාක්ෂිකයන් මුහුණ දෙන ගැටලු සහ අභියෝග හඳුනාගෙන ඊට අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාගැනීමද සිදුකර ඇත.

මේ අතර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට විරෝධය පාමින් වෙනත් එජාප අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එජාප ප්‍රබලයින් කිහිපදෙනෙකුගේද සහය ඇතිව එජාප පසුපෙල මන්ත්‍රීවරු පිරිසක් මේ වනවිට වැඩපිලවෙලක් සකස් කර ඇති බවත් ඒ අනුව යමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් දිය යටින් යන මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

 

 

The post එජාපය තුළ රනිල්ට එරෙහි සටන නැවතත්? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();