පාකිස්ථානයේ 11වන මහ මැති්වරණය අදට යෙදී තිබේ.
පකිස්ථාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ පළාත් සභාවන් 04 ක් සඳහා සභිකයින් පත් කර ගැනීමට වන මැතිවරණය මෙය වේ.
කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් කොමිසම පැවසූවේ, අද පැවැත්වෙන මැතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා සිදුවීමේ වැඩි ප්‍රවණාතවක් ඇති බවයි.
අද පැවැත්වෙන මැතිවරණයෙන් ජාතික සභාවේ ආසන 272 ක් සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමට නියමිත අතර ඒ සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දයකයන් ගණන මිලියන 106 කි.
කාන්තා අපේක්ෂකයින් සංඛ්‍යාව 171 ක් වන අතර මැතිවරණ ආරක්ෂාව සඳහා ඇති මුළු සෙබලුන් ගණන 371,000 ක් වේ.
0 Comments