පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් ඊයේ ප්‍රශ්න කිරීමක් සිදු කර තිබේ. යාපනේ පිහිටි ඇයගේ කාර්යාලය තුළ දී ඊයේ සවස 3.00 සිට 6.30 දක්වා මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කර සිටී.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයගෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඇයගෙන් ප්‍රකාශ සටන් කර ගත් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කර තිබේ.
The post විජයකලාගෙන් පැය තුනහමාරක් ප්‍රශ්න කරයි. appeared first on Lanka News Column.
0 Comments