පසුගියදා ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක විදෙස් සංවිධානවල නියෝජිතයින් කිහිප දෙනෙකු මුණ ගැසිණි. රටේ පවතින දේශපාලන තත්වයන් පිළිබඳවත් ජවිපෙ දේශපාලන කටයුතු පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ජවිපෙ විසින් යෝජනා කර අති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද බිමල් රත්නායක මන්ත්‍රීවරයා ඔවුන් දැනුවත් කළේය.
“ලෝකයේ බොහෝ රටවල ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් ගැන ලොකු සංවාදයක් තිබෙනවා. ලංකාවේත් ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන කොට විධායක ජනාධිපති ධුරය ගැන විවේචනයක් තිබෙන බව අපි දන්නවා. ඔබතුමා කියන ආකාරයට 20වැනි සංශෝධනය ප්රජාතන්ත්රවාදය පැත්තෙන් සතුටුදායක දෙයක් බව අපිට හැෙඟනවා.” විදෙස් නියෝජිතයෙක් කියා සිටියේය.
“ඔව්, ලංකාවේ දේශපාලන සංවාදවලදී මතුවුණා හිට්ලර් ගැන. ඒ වගේම තව පැත්තකින් ප්රභාකරන් ගැන. නමුත් ඒ අන්තවාදී පාලනයන් ගැන ලොකු විරෝධයක් මතුවෙලා තියෙද්දී ලංකාවේ දේශපාලකයින් ඒ මාතෘකා කතා කරන්නේ ඇයි. අපිට නම් එක් ප්‍රශ්නයක්” තවත් එක් නියෝජිතයෙක් තම කනස්සල්ල පළකරමින් කියා සිටියේය.
“අපේ රටේ දේශපාලන සංවාදය ටිකක් සංකීර්ණ එකක්. එක පැත්තකින් වංචා දූෂණ ගැන කතා කරනකොට තව පැත්තකින් ඒක මාතෘකාව වෙනස් කරන්න වෙන වෙන සංවාද හදනවා. එක කණ්ඩායමක් හිට්ලර් ඉල්ලනවා. තව කණ්ඩායමක් ප්රභාකරන් පාලනයක් ඉල්ලනවා. ඊට පස්සේ ඒ වටා ලොකු සංවාදයක් හදනවා. රටේ ඇත්ත ප්‍රශ්න යටගහනවා. ඇත්තටම අපිට අභියෝගයක් තියෙනවා රටේ ඇත්ත ප්‍රශ්න ගැන ජනතාවගේ අවධානය යොමු කරන එක ගැන” බිමල් රත්නායක කියා සිටියේය.
The post හිට්ලර් සහ ප්රභාකරන් කතාව ගැන කනස්සල්ලක්. appeared first on Lanka News Column.
0 Comments