Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පේරාදෙණිය ඉංජිනේරු පීඨය වසාදමයි.

Faculty_of_Engineering_University_of_Peradeniya

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨය අද(17) උදෑසන හයට නැවත දැණුම් දෙන තුරු තාවකාලිකව වසා දමා ඇති බව උපකුලපති මහාචාර්ය උපුල්.බී. දිසානායක පවසා සිටී.‍ එම පිඨයේ සිසුන්ට විභාග අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙලෙස ඉංජිනේරු පීඨය වසා දැමීමට තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාලයට පැමිණීමේ 80% සම්පුර්ණ කර නොමැති සිසුන් 3%ක් පමණ සිටින අතර එක් දිනයක්වත් විශ්ව විද්‍යාලයට නොපැමිණි සිසුන් සිව් දෙනෙකු සිටින බවද උපකුලපතිවරයා  සඳහන් කර ඇත. සියයට 80 ක් වන පැමිණීම සනාථ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම සිසුන්ට විභාගය සඳහා පෙනී සිටීමේ අවස්ථාව ලබා නොදීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. එම තීරණයට එරෙහිව සිසුන් දින කිහිපයක සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත ඇත.

කෙසේ වෙතත් අද  සවස 2.00 වන විට ඉංජිනේරු පීඨයේ සියළුම සිසුන්ට විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ද  උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක  සඳහන් කර සිටී.

The post පේරාදෙණිය ඉංජිනේරු පීඨය වසාදමයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();