Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

සංචාරක ඉන්දීය අවුරුදු 19න් පහළ පිල ක්‍රිකට් පිල සමග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිවුදින තරගයේ තෙවැනි දිනය නිමාවනවිට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වෙමින් සිටියහ.

ඊයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 316කට සීමාකළ ඉන්දී‍ය ක්‍රීඩකයෝ ලකුණු 297ක පළමු ඉනිමේ වාසියක් සමගින් යළිත් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට ලබා දුන්නේය.

ඊයේ තෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරනවිට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් දැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියේය. කඩුලු 7ක් අතැතිව සිටින ඔවුන් ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 250ක් පසුපසින් සිටී.

නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 2ක් සහ කල්හාර සේනාරත් ලකුණු නොලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස කමිල් මිෂාර ලකුණු 5කට පිටියෙන් ඉවත් ඉවත් කිරීමට අර්ජුන් තෙන්ඩුල්කාර් සමත් වූ අතර මුළු ලකුණු 21ක් වෙද්දී නායක නිපුන් ධනංජය (8) යටින් මනිග්වානිගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ලකුණු 25ක් රැස්කරගෙන සිටි නිෂාන් මධුෂ්ක, අයුෂ් බදෝනිගේ පන්දුවක් හමුවේ අනුජ් රවාට් උඩ පන්දුවක් රැක ගැනීමේ ඊයේ දිනයේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථකම පිතිකරු වූ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 115ක් රැස් කිරීමට සමත් විය. පන්දු 236කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිම හතරේ පහර 17කින් වර්ණවත් විය.

ඔහු සොනාල් දිනූෂ සමගින් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 128ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 300 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමේ අඩිතාල දැමීය.

සඳුන් මෙන්ඩිස් පන්දු 109කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 49ක් ඉනිමට එක් කළේය.

අද තරගයේ අවසන් දිනයයි.

ඉන්දීය යොවුන් පිල පළමු ඉනිම - 613/8යි. (ඕවර 128.5) ඉනිම අත්හිටුවන ලදි. පවන් ෂා 282, අතර්වා ටයිඩ් 177, නෙහාල් වදේරා 64, ආර්යන් ජුආල් 41

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම - 316 (ඕවර 114.3) පසිඳු සූරියබණ්ඩාර 115, සොනාල් දිනූෂ 51, සඳුන් මෙන්ඩිස් 49, කමිල් මිෂාර 44 (මෝහිත් ජන්ග්‍රා 76/4, යටින් මන්ග්වානි 30/2, අයුෂ් බදෝනි 39/2, සිද්ධාර්ත් දේශායි 84/2) සහ දෙවැනි ඉනිම - 47/3යි. (ඕවර 18)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();