Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නැහැ – ඇමති රාජිත.

Minister_Rajitha_Palindanuwara
පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නැති බවත්, එය හදනකොටත් එය කියූ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට සහ මහජන හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
ශ්‍රී ලංකාව පිළිබද පසුගිය රජය සමයේ කැත නාමයක් තමයි තිබුනේ. අපි එය වෙනස් කළා. නමුත් ඔවුන් බොරුවට දේශප්‍රේමය ගැන කථා කරනවා. කරන්න බැරි වැඩ කියනවා. නමුත් අපේ රජය ජනතාවට විශාල සේවාවක් සිදු කොට තිබෙනවා. රට ගොඩනංවන විට අපේ රජයේම ඉන්න කොටසක් රජයටම බනිනවා. නායකයොත් එහෙමයි. බැදුම්කරය තමයි අපේ රජයට එල්ල වූ ලොකුම චෝදනාව. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපතිධූරයට පත් කරන විට මම විරුද්ධ වුනා. නමුත් අගමැතිතුමා හිතුවේ නැහැ මෙවැනි තත්ත්වයක් උදාවෙයි කියලා. ඔවුන්ට සුදුසුකම් තිබුනත් කළේ වෙන වැඩක්. පසුගිය රජය ණය කන්දක් අපට උරුමකර දුන්නා. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල සදහා ලබාගත් ණය ඉතා අධිකයි. නෞකා එන්නේ නැති වරායක් සහ කුරුල්ලෝ ඉන්න ගුවන් තොටුපළක් තමයි ඔවුන් ඉදි කළේ. ණය ගෙවන්න සිදුවන්නේ ජනතාවගෙන් ගන්නා බදු වලින්. එහෙම නැතිව වරාය සහ ගුවන් තොටුපල විදේශීය රටකට බද්දට ලබා දී එය පවත්වාගෙන යාමට අපි කටයුතු කළා. අපි රාජ්‍ය සම්පත් විකුණන්නේ නැහැ. මේ අපේ භූමියයි. රටට වරදක් වෙනවා නම් ඊට මම ඉඩදෙන්නේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමයි අපේ රටේ ඉඩම් චීනයට සින්නක්කර විකුණා තිබෙන්නේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අහනවා අපේ රජය මොනවද කළේ කියලා. සල්ලිකාරයන්ට නම් ප්‍රශ්ණයක් නැහැ. අපි ජනතාවට සේවය කර තිබෙනවා. සෞඛ්‍ය  සේවාව තුල සිදු කළ සේවාව හේතුවෙන් මිනිසුන් අද ජීවත් වෙනවා. පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නැහැ. මම එය හදනකොටත් කිවුවා. අපි රාත්‍රියේ හොරු අල්ලන සාකච්ඡා තියනවා කියලා මාධ්‍යයේ පළ වුනා. කිසියම් රැස්වීමක මම වාඩ් උනොත් හිතන්නේ හොරු අල්ලන්න වාඩ් වුනා කියලා. අපේ සමහරුන්ටත් ජනවාරි 08 වනිදා කිවුවේ මොනා ද කියලා අමතකයි. නියම නීතියට අනුව විශේෂ අධිකරණ පිහිටුවීම සිදු කරනවා. 2018 – 2019 තීරණාත්මකයි. අපට ලබාදුන් ජනවරම පාවා දෙන්නේ නැහැ. සෑම ප්‍රශ්ණයක්ම විසදමින් ජනතා සේවාවන් ඉටු කරනවා.” යැයි පැවසීය.

The post පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නැහැ – ඇමති රාජිත. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();