Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දුනීසියා මිනිස් ජාවාරම්කාර නෙත් යළිත් ඕස්ට්‍රේලියා මුහුදට .

indunisia

ඉන්දුනීසියා මිනිස් ජාවාරම්කරුවන් හා සරණාගතයන් යැයි සැක කෙරෙන පිරිසක් මුහුදු මාර්ගයෙන් උතුරු ඕස්ට්‍රේලියා දේශ සීමාවට ඇතුළුවීමට දරූ උත්සාහයක් ඕස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂණ බළකාය මගින් ව්‍යර්ථ කළ බව වාර්තා වෙයි.

මෙම පිරිස ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ හා සරණාගත ප්‍රතිපත්තිවලට අනුකුලව නැවත හරවා යැවූ බවද ඕස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂණ බළකාය කියයි.

ඕස්ට්‍රේලියා මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ දරු මෙම අනවසර බෝට්ටුවේ චීන ජාතිකයන් හත් දෙනකු හා ඉන්දුනීසියානුවන් තිදෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිට ඇත.

පසුගිය දෙසැම්බරයේ ඕස්ට්‍රේලියා මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ දරු චීන ජාතිකයන් හා ඉන්දුනීසියානුවන් රැගත් බෝට්ටුවක ගමන් මග ඇහිරීමෙන් පසු මිනිස් ජාවාරම්කරුවන්ගේ බෝට්ටුවක් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියා දේශ සීමාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇත්තේ හය මසකට පසුව බව ඕස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂණ බළකාය පවසයි.

ඔස්ට්‍රේලියාවට සිදු කෙරෙන මිනිස් ජාවාරම් නැවත ඇරඹීමට සාපරාධී සංවිධාන බලාපොරොත්තු වන බව එරට බුද්ධි අංශ ද අනතුරු අඟවා තිබිණි. ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණීම පිණිස බලාපොරොත්තු වන දහස් ගණනක් ඉන්දුනීසියාවේ රැඳෙමින් සිටින බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව ඕස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂණ බළකාය සඳහන් කරයි.

මෙම තත්වය ගැන අදහස් දක්වන ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමති පීටර් ඩටන් කියන්නේ ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ හා සරණාගත ප්‍රතිපත්ති තව දුරටත් නොවෙනස්ව පවතින බවයි.

The post ඉන්දුනීසියා මිනිස් ජාවාරම්කාර නෙත් යළිත් ඕස්ට්‍රේලියා මුහුදට . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();