ගම්පහ රිජේන්ට් ජාත්‍යන්තර පාසල මගින් 15 වන වරටත් මෙහෙය වූ ගම්පහ දිස්ත්‍රික් පාසල් පිහිනුම් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලකුණු 497ක් ලබාගත් මීගමුව ලොයලා විද්‍යාලය සමත් විය.
එහි සමස්ත අනු ශූරතාව ලකුණු 373ක් ලබාගත් සත්කාරක රිජේන්ට් ජාත්‍යන්තර පාසලට හිමිවිය.
තරගාවලියේ බාලක අංශයේ ශූරතාව කදාන ද මැසිනොද් විද්‍යාලයට (ලකුණු 308) හිමිවූ අතර අනුශූරතාව මීගමුව ලොයලා විදුහල (ලකුණු 284) සතුවිය. ලකුණු 276ක් ලබාගත් ගම්පහ රිපෙන්ට් ජාත්‍යන්තර පාසල බාලිකා ශූරතාව හිමිකරගත් අතර අනුශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට (ලකුණු - 222) හිමිවිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගේට්වේ පාසලේ සුහිරු තමෙල් සම්මාන දිනාගත් අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සුබන්යා කුලතිලක දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
ගම්පහ රිජේන්ට් ජාත්‍යන්තර පාසල් පිහිනුම් තටාකයේ පැවැති මේ තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 44 කින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පන්සියකට අධික පිරිසක් එක්වුහ.
තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කේ.එම්.රණසිංහ මහතා එක්වූ අතර එම අවස්ථාවට ගම්පහ රිජේන්ට් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනි ක්‍රිෂාන්ති වික්‍රමාරච්චි මහත්මිය ද සහභාගී වුවාය.
ඒ ඒ වයස් කාණ්ඩවල දක්ෂතමයෝ
අවුරුදු 9න් පහළ
බාලක - දේව්මින් යනෙත් මලවරආරච්චි (ගම්පහ රාජකීය අධ්‍යාපනික ආයතනය), බාලිකා - සෙනුදී නෙහාන්සා (ගම්පහ යශෝදරා දේවි බා.)
අවුරුදු 11න් පහළ
බාලක - එස් ප්‍රනාන්දු (මීගමුව සාන්ත නිකලස් ජා. පා.), බාලිකා - සුබන්යා කුලතිලක (වත්තල - ලයිසියම් ජා. පා.)
අවුරුදු 13න් පහළ
බාලක - ඒ.ඩි.ඒ. ප්‍රභාශ්වර (ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර ම. වි.), බාලිකා - තෙහන්සා රත්නායක (වත්තල - ලයිසියම් ජා. පා.)
අවුරුදු 15න් පහළ
බාලක - ඉදුවර පෙරේරා (කදාන ද මැසිනද් වි.), බාලිකා - ඒ.ජේ.එස්.ද සිල්වා (මීගමුව හරිස්චන්ද්‍ර වි.)
අවුරුදු 17න් පහළ
බාලක - ශේමල්ක නිශේන් (ඇඩ්වෙන්ට්ස් ජා. පා.), බාලිකා - වන්දිනි රාජපක්ෂ (ගම්පහ රිජේන්ට් ජා. පා.)
අවුරුදු 20න් පහළ
බාලක - සුහිරු තාමෙල් (මීගමුව ගේට්වේ පා.), බාලිකා - දිල්මි පතිරත්න (ගම්පහ ලයිසියම් ජා. පා.)
මල්වාන සමූහ මහානාම විතානගේ
ඡායාරූපය - මල්වාන සමූහ
0 Comments