ජීවන රඟ මඩලෙන් සමුගත් ජනප්‍රිය නළු ඉන්දික ගිණිගේ ගැන ධනංජය සිල්වා ෆේස්බුක් දැමූ අමුතු සටහන පහතින් ,
ගිනි කන්දක් හා සමනල කන්දක්..
මේ දෙදෙනාගේම පින්තූර දැම්මේ මේ දෙන්නාව සමකිරීමට හිතන් නෙවෙයි. එහෙම කරන්න බෑ සහ ඕනෙත් නෑ..
දකුණු පැත්තෙ ඉන්න ගුරුවරයා මට උගන්නල නෑ. ඒත් එතුමාගෙන් මං ඉගෙනගෙන තියෙනව. එතුමාගේ ගෝලයෝ මගේ හොඳ යාලුවෝ. ඒ වගේම හොඳ නලුවෝ. ලංකාවේ කලාවට දායක උනු විශිෂ්ඨ නලු පරම්පරා ගානක් එතුමා නිර්මාණය කරා.
එතුමා කරපු සමනල කන්ද නාට්‍යයේ විදියට අපි තාමත් කරත්තේ . ගොන්නු බඳින කරත්තේ.. තිස්ස සර්.. ඇත්තටම සමනල කන්දක්.
වම්පස ඉන්න ගින්නා ගැන මට දුකයි. මාත් සමඟ ක්ෂේත්රයට අඩිය තියපු ගින්නා අතින් එක වරදක් උනා. එහෙම නොවෙන්න ඌ අදටත් මගේ හොඳම යාලුවා වෙන්න තිබ්බා. ඒ විතරක් නෙවෙයි. ගින්නා ලංකාවේ අංක එකේ ප්‍රේමවන්ත නලුවා වෙන්න තිබ්බා. ඒ තරමට ඌ හැන්ඩියා. ඒ විතරක් නෙවෙයි ආදරණීය පෙනුමක් හා හදවතක් ඌට තිබ්බා. අද ගින්නාව දන්න අය අඩුයි. මොකද ඌට ඌ ආව වැඩේ අමතක උන හින්දා ක්ෂේත්රයේ රැඳෙන්න බැරි උනා. දැං ඌ වෙනුවෙන් post දාන කවුරුත් (කලින් කියපු හේතුව නිසා.. මාත් ඇතුව..) ඌ ගැන බැලුවෙ නෑ. අන්තිම කාලෙ මොනවද කලේ කියලවත් දන්නෙ නෑ. ඒත් මං දැන්ං හිටිය ගින්නා හොඳින් නෑ කියල. හොඳ නලුවෙක්, හොඳ ගායකයෙක්, හොඳ ආදරවන්තයෙක්, හොඳ යාලුවෙක් වෙන්න තිබ්බ ගින්දර හදවතක් තිබ්බ ගින්නා, ඒ ගින්නෙන්ම දැවී නිවී ගියා..
වෙනස් දුරස් මිනිසුන් දෙදෙනෙක් උනත් දැං මේ දෙන්නම අතීතයට එකතුවෙලා ඉවරයි. ජීවිතය කියන්නෙ මොන තරම් සියුම් කාලයක්ද..
ගින්නාගේ හොඳ යාලුවෙක් වෙන්න මට බැරි උනා. තිස්ස සර්ගෙ ගෝලයෙක් වෙන්නත් මට බැරි උනා. ඒත් සසර තවම ඉවර නෑ. මරණයෙන් සියල්ල අවසන් වන්නේ නෑ. අපි ආයෙ හමුවෙනවා.
ගින්නා.. එදාට උබ මගේ හොඳ යාලුවෙක් වෙයන්. අපි දෙන්නම ගිහින් තිස්ස සර්ගෙ හොඳ ගෝලයෙක් වෙමු. ඉගෙන ගමු තිස්ස සර්ගෙන් ජීවිතය යන රඟමඬළ ගැන.
අපි ඔක්කොම නලුවො!
-ධනංජය සිරිවර්ධන-
(ඉවසන Dhana )
from Gossip Lanka News & Video https://ift.tt/2v6GNlH
via internet
0 Comments