ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජනා කරන නව ව්‍යවස්ථාව පිළිබඳව නැවතත් රට තුළ සංවාදයක් මතුව තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමකදීද මේ ගැන අවධානය යොමුවී තිබුණි. ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව පැවැති රැස්වීම් සඳහා සහභාගි වූයේ ජවිපෙ නායක අනුර දිසානායකය. ඔහු මේ පිළිබඳව තත්වය දේශපාලන මණ්ඩලයට පැහැදිලි කළේය.
“ආණ්ඩුව ගෙනාපු ව්‍යවස්ථා කෙටුම්පත ගැන බරපතළ ප‍්‍රශ්න තියෙනවා. ඇතැම් කරුණුවලට අපිට පක්ෂයක් ලෙස එකඟ වෙන්න බැහැ. ඒ වගේම ආණ්ඩුව තවත් වැරැද්දක් කරලා තියෙන්නේ. කමිටුවලදී සාකච්ඡා කරලා එකඟ නොවූ දේවල් පවා කෙටුම්පතට එකතු කරලා. ඒකට විරෝධය පළ කළා. ඉදිරි කමිටු රැස්වීම්වලදී එම ප‍්‍රශ්න ගත කරුණු ගැන සාකච්ඡා කරන්න වෙනවා. කොහොම නමුත් මේ තියෙන තත්වය අනුව අලුත් ව්‍යවස්ථාවක් ගේන එක නොකෙරෙන වැඩක් විදියට තමයි පේන්න තියෙන්නේ.” අනුර දිසානායක කියා සිටියේය. ”
කොහොමත් මේ ආණ්ඩුව පිළිවෙළකට වැඩක් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. හැම වැඩක්ම අනාගන්නවා. රටේ ව්‍යවස්ථාව හදන්න තරම් මේ ආණ්ඩුව දක්ෂ නැහැ. තමන්ගේ දේශපාලන බලපොරය ඔලුවේ තියාගෙන රටක ව්‍යවස්ථාව හදන්න බැහැ. ඒ නිසා මේක අසාර්ථක එකක්. කතා සාප්පුවක් විතරයි.” ටිල්වින් සිල්වා කියා සිටියේය.
The post අලුත් ව්‍යවස්ථාව, කෙරෙන වැඩක්ද? appeared first on Lanka News Column.
0 Comments