විදෙස් ගත වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක සඳහන් දිනයක් පිළිබඳ ඇති වු ගැටලුවක් හේතුවෙන් ලන්ඩන් බලා ගමන් කිරීමට අද(26) උදෑසන කටුනායකින් ගුවන් යානයකට ගොඩ වී සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඉන් පිටතට වැඩම කරවා ඇති බව වාර්ථා වේ. ලන්ඩන් නුවර මෙම සති අන්තයේ පැවැත් වීමට නියමිතව තිබූ ධර්ම දේශනා කීපයක් සඳහා සහභාගී වීමට ධම්මාලෝක හිමියන් අද උදෑසන ලන්ඩන් යෑමට ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව සඳහන් වේ.
එහිදී විදෙස් ගත වීමට අවසරයක් නොමැති බව ගුවන් තොටුපල නිලධාරීන් පවසා ඇති අතර, සිදු කළ පරීක්ෂණවලින් පසුව ධම්මාලෝක හිමියන්ට ගුවන් යානයට ඇතුළුවීමට අවසර ලබා දී ඇති අතර කෙසේ වෙතත් ගුවන් යානය පිටත් වීමට සුළු මොහොතක් තිබිය දී නැවතත් උන් වහන්සේට විදෙස් ගත වීමට අධිකරණයෙන් ලබා දුන් නියෝගයක ඇති දිනයක් සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බව පවසා ඇතැයි සඳහන් වේ.
ඒ අනුව උන්වහන්සේ නැවත විහාරය වෙත වැඩම කර ඇති අතර, මේ වන විට ධම්මාලෝක හිමියන්ගේ නිතීඥවරුන් මේ සම්බන්ධයෙන් අදාළ නීතිමය තත්ත්වය දැන ගැනීමට අධිකරණය වෙත ගොස් ඇති බව ද උන්වහන්සේ සඳහන් කර ඇත.
මෙම ගැටළුකාරී තත්ත්වය අද හෝ හෙට නැවත යථා තත්ත්වයට පත් කර ගනිමින් විදෙස් ගත වීමට අපේකෂා කරන බවත්, ඉවසීමෙන් යුතුව මෙය දරා ගැනීමට හැකියා තිබූ බවත් උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
The post උඩුවේ ධම්මාලෝක හිමි යළි හැරෙයි. appeared first on Lanka News Column.
0 Comments