Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රියත් බන්දුගේ සහ සජින් වාස්ගෙ විමර්ශන ලිපිගොනු අතුරුදහන්?

lnc 4

වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන අය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ විමර්ශන ලිපිගොණු අස්ථානගතවී ඇති බව සඳහන් වේ. මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන 2015 මාර්තු මාසයේදී අවසාන කර ඉදිරි නීති ක්‍රියාමාර්ග (නඩු පැවරීම) ගැනීම සඳහා එම ලිපිගොණු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පැවසේ.

මේ වනවිට සජින් වාස් ගුණවර්ධන  වැඩි වශයෙන් ඩුබායි හි රැඳී සිටින බවත්  එමෙන්ම සජින්වාස් ගුණවර්ධනට යහපාලන ආණ්ඩුවේම ප්‍රබලයෙකු විසින් “ඇමති ආරක්ෂාව” සපයා දී ඇති බවත් සඳහන් වේ.

The post ප්‍රියත් බන්දුගේ සහ සජින් වාස්ගෙ විමර්ශන ලිපිගොනු අතුරුදහන්? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();