ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙන මහ කොළඹ සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් හානීය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ කිලෝ වෝල්ට් 132 පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීම් කටයුතු හේතුවෙන් අදාළ ප්රදේශයන්ගේ විදුලිය කඩින්කඩ විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දන්වා ඇත.
ඒ අනුව, මේ මස 27 දින පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා
කොළඹ 03
(ගාලූ පාර, එඞ්වඞ් මාවත, ග්ලෙන් අබිර් පෙදෙස, 8වන පටුමග, පාසල් මාවත, ඇල්ෆ්රඞ් හවුස් ගාර්ඩන්ස්, පහළ බගතලේ පාර)
කොළඹ 04
(ගාලූ පාර, ඉන්ද්‍රා මාවත, හයි පාර, ඬේසිවිලා ඇවනියු, ඩිවෝස් ඇවනියු, වජිර පාර, ආර්.ඒ. ද මෙල් මාවත, මිලාගිරිය ඇවනියු, බම්බලපිටිය ටෙරස්, රෙට්රීට් පාර, ශ්රුබෙරි ගාර්ඩන්ස්, උපතිස්ස මාවත, ලොරිස් ලේන්, බෞද්ධාලෝක මාවත, දුම්රියපොල පාර, ආතර්ස් පෙදෙස, මැජෙස්ටික් ඇවනියු, ටේරලවන්නි පෙදෙස, ජාවත්ත පාර)
කොළඹ 05
(තිඹිරිගස්යාය පාර, අයින්ට්රි මාවත, කිරුළ පාර, චිත්‍රා පටුමග, සිරිපා පාර, කැප්පෙටිපොළ මාවත)
කොළඹ 07
(ටොරින්ටන් ඇවනියු, මිට්ලන්ඞ් ප්ලේස්, විජේරාම මාවත, විද්‍යා මාවත, බෞද්ධාලෝක මාවත, නිදහස් මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත, මලලසේකර මාවත)
කොළඹ 08
(ඇල්විටිගල මාවත, කිතුල්වත්ත පාර, නාරාහේන්පිට පාර, මොඩල් ෆාම් පාර, මංගල පාත්, ගජබා පාර, බේස්ලයින් පාර, ඞී.එස්. සේනානායක මාවත, ඩඞ්ලි සේනානායක මාවත)
යන ප්රදේශයන්ගේ විදුලිය විසන්ධි කෙරෙන බව සඳහන් වේ.
ඊට අමතරව ඉහත සඳහන් පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් ජූලි මස 25 දින සිට 31 දින දක්වා ඇතැම්විට අදාළ ප්රදේශයන්ගේ කඩින්කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා ඇත.
The post කොළඹ නගරයේ කඩින්කඩ විදුලිය බිඳ වැටීම්. appeared first on Lanka News Column.
0 Comments