Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යහපාලන ආණ්ඩුවේ සංහිදියාව අධ්‍යාපන ලේකම්ගේ රෙද්ද පල්ලෙන් බේරෙයි.

Eduacation_Ministry

මොරටුව ද සොයිසා මහා විද්‍යාලයේ පුරප්පාඩු වු විදුහල්පති තනතුරට එම විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති පත් කරන්නැයි පාසල් සංවර්ධන සමිතිය සහ අදිශිෂ්‍ය සංගමයත් අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇතත්, නියෝජ්‍ය විදුහල්පති දෙමළ ජාතිකයකු වීම නිසා එම තනතුරට ඔහුව පත්කර නැතැයි වාර්ථා වේ.

ද සොයිසා මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් කරන්නැයි ඉල්ලා ඇත්තේ එන්. ආනන්ද කුමාර්ය. හිටපු විදුහල්පති ජයනාත් පී. මෙන්ඩිස් යටතේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස කුමාර්  සේවය කර ඇත. කුමාර් විදුහල්පති පලමු ශ්‍රේණියේ ගුරුවරයෙකි. ඔහු බුලත්සිංහල ප්‍රදේශයේ විදුහල්පතිවරයකු වශයෙන් අවුරුදු දහ අටකට ආසන්න කාලයක් සේවය කොට ඇත.

ද සොයිසා මහා විද්‍යාලයේ වැඩ බලන විදුල්පති එන්. කුමාර් දෙමළ ජාතිකයෙකු නිසා ඔහුව විදුහල්පති තනතුරට පත් නොකරන ලෙසට එම විද්‍යාලයේ පරම විඥාර්ථ බෞද්ධ සංගමය සහ ගුරුවරුන් පිරිසක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ලීඛිතව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එන්. කුමාර් සොයිසා  විද්‍යාලයේ විදුහල්පති කරන්නැයි එම විද්‍යාලයේ බෞද්ධ භික්ෂුන් සහ ගුරුවරුන් පිරිසක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

හිටපු විදුහල්පති මෙන්ඩිස් පිළියන්දල ධර්ම රාජ විද්‍යාලයට මාරු කර යවා ඇත. ද සොයිසා විද්‍යාලයේ මුදල් අවභාවිතා කරමින් අත්තනොමතික ලෙස කටයුතු කිරීම ඔහු මාරු කර යැවීමට අසන්න හේතුව බව අදිශිෂ්‍ය සංගමය පවසයි.   

ආදිශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය තමන්ට එරෙහිව එල්ල කරන චෝදනා වලට කිසිදු පදනමක් නැති බව දුරකතන මාර්ගයෙන් නිව්ස් කොලම් වෙබ් අඩවිය කළ විමසුමකදී  ද සොයිසා විද්‍යාලයේ හිටපු විදුහල්පති මෙන්ඩිස් පැවැසීය.

යහපාලන ආණ්ඩුව ජාතීන් අතර සමගිය ඇති කිරීම සදහා සංහිදියාව නමින් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළා. ආණ්ඩුව සංහිදියාව ගැන කතා කළාට, සිංහල පාසලකට දෙමළ ජාතිකයෙකු විදුහල්පති කරන්න කියලා ද සොයිසා විද්‍යාලය ගුරුවරු, දෙමව්පියෝ ඉල්ලුවාහම අධ්‍යාපන අමාත්‍යංශ ඇඹරෙනවා. ආණ්ඩුව සංහිදියාව ගැන කතා  කළාට සිංහල ජාතිවාදීන්ට යට වී ඇති බව නම හෙළි කිරීමට අකමැති ගුරුවරයෙක් අප සමග පැවැසීය.

–  ශාන්ත විජේසුරිය

The post යහපාලන ආණ්ඩුවේ සංහිදියාව අධ්‍යාපන ලේකම්ගේ රෙද්ද පල්ලෙන් බේරෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();