හම්බන්තොට වරාය ඉදිකිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාව කිසියම් යටි අරමුණක් ඇතිව පලකරන ලද්දක් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කැන්ග් ඊයේ බීජීං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.
බීජිං නුවරදී පැවති මාධ්‍ය හමුවක් අතරතුර චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කැන්ග් සඳහන් කර ඇත්තේ මුළුමන්ම කරුණු විකෘති කරමින් ඇමෙරිකානු මාධ්‍යවල පළකර ඇති මෙම වාර්තාව වගකීම් විරහිත හෝ කිසියම් යටි අරමුණක් ඇත්තෙක් විසින් සිදුකළ නියෝගයකට අනුව පළකර ඇති බවයි. එම වාර්තාව පළකිරීම හා සම්බන්ධ මාධ්‍ය ආයතනය සාවද්‍ය ප්රවෘත්ති පිළිකිරීම සම්බන්ධයෙන් එතරම් උනන්දුවක්වක් නොදක්වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා මෙහිදී සඳහන් කර තිබුණි.
හම්බන්තොට වරාය ඉදිකිරීම සිදුවූයේ ශ්‍රි ලංකාවේ අනුක්‍රමික රජයන් සහ ශ්‍රි ලාංකික ජනතාවගේ අභිලාශයට අනුව බව සඳහන් කර ඇති ලූ කෑන්ග් දෙපාර්ශවයටම සමාන වාසි හිමිවන පරිදි ව්‍යාපාරික නීතී පිළිපඳිමින් හම්බන්තොට වරාය ඉදිකිරීමට ආයෝජනය කිරීම සඳහා චීන රජය චීන සමාගම් දිරිමත් කළ බවද මෙහිදී පවසා ඇත.
චීනය හම්බන්තොට වරාය හමුදා කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂා කළ බව සහ චීනයේ “බෙල්ට් ඇන්ඩ් රෝඩ් සැළැස්ම “ අනෙක් රටවල් ණය උගුලක සිරකරන බවට අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් කරුණ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කර තිබේ.
එබැවින් මෙම ණය උගුල සම්බන්ධයෙන් මුසාව නිර්මාණය කල පාර්ශවයින්ට දියුණු වෙමින් පවතින රටවලට සහය පළකිරීමට නොහැකිනම් අඩුමතරමින් එලෙස සහය පළකරමින් පවතින රටවල් කෙරෙහි යහපත් ආකල්ප සහිතව කටයුතු කළ බව ලූ කෑන්ග් පවසා තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය හම්බන්තොට ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් ඒ හරහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කර බවත් තමන් ප්‍රකාශ කරන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
The post හම්බන්තොට වරාය ගැන පළවූ මාධ්‍ය වාර්තා, කිසියම් යටි අරමුණකින් සිදුවූවක් බව චීනයෙන් ප්‍රකාශයක්. appeared first on Lanka News Column.
0 Comments