Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා-ලිතුවේනියා ජය පරාජයෙන් තොරයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව හා ලිතුවේනියාව අතර පැවැති තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමා වෙයි. කොළඹ රීඩ් මාවත පැරණි තුරග තරග පිටියේ පැවැති මෙම තරගය විදුලි ආලෝක ධාරා මැද පැවැති අතර දෙපිලම ගෝල් වාර්තා කිරීමට ගත් උත්සාහයන් ව්‍යවර්ථ විය.

වසර 2012ට පසුව විදෙස් පාපන්දු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වූ බැවින් මෙම තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් එකක් විය. දකුණු ආසියා පාපන්දු තරගාවලියට පෙර පුහුණුවක් ලෙස සැලකූ මෙම තරගයෙන් අනතුරුව ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජපාන හා කොරියානු තරග සංචාර දෙකක් සඳහා පිටත්ව ගියහ.

ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කළ ලිතුවේනියා පාපන්දු කණ්ඩායමට එරට ජාතික පිලේ ක්‍රීඩකයන් 8ක් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පැවැසීය. එහෙයින් මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට හැකිවීම යහපත් ආරම්භයක් බව පුහුණුකරු පකීර් අලී මහතා පැවැසීය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා නිරීක්ෂණ්‍ය කළ බවත්, ඉදිරි පෙළ හා පසු පෙළ ක්‍රීඩකයෝ දක්ෂ ලෙස ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා පුහුණුකරු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පිලේ මොහොමඩ් අෆීල් කහ කාඩ් පත් අවවාදයක් ලැබූ අතර දෙවැනි භාගයේදී ආදේශ කිරීම් 4ක් සිදු කෙරුණි. සජිත් කුමාර වෙනුවට ජේ. ඩී. සසංග, මොහොමඩ් ෆසාල් වෙනුවට අසේල මධුෂාන්, චරිත් රත්නායක වෙනුවට අශිකූර් රහ්මාන් හා කවිදු ඉෂාන් වෙනුවට සන්තියා නිතර්සන් එක් කළහ.

ශ්‍රී ලංකා පිලේ ගෝල් රකින්නා ලෙස මාලදිවයිනේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩක සුජාන් පෙරේරා එක්ව සිටි අතර ඔහු ඉතා දක්ෂ ලෙස තම කාර්ය ඉටුකළ බැවින් ලිතුවේනියා පිලට ගෝල් ලබා ගැනිම පහසු නොවුණි.

ලිතුවේනියා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 106වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක මට්ටමේ 200වැනි ස්ථානයේ පසුවේ. ලිතුවේනියාව හා ශ්‍රී ලංකා සංවර්ධන පාපන්දු පිල අතර මීළඟ තරගය මේ 11වැනිදා රීඩ් මාවත පැරණි තුරග තරග පිටියේ විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජපාන හා කොරියානු තරග සංචාර දෙකක් සදහා ඊයේ පිටත්ව ගිය ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මෙසේය:

සුභාෂ් මධුෂාන් (නායකයා - වයස 27යි, නාවික හමුදා ක්‍රීඩා සමාජය) , කවීෂ ප්‍රනාන්දු (වයස 23යි, කොළඹ පාපන්දු සමාජය), රෂීක් රිෂාඩ් (වයස 20යි, රිනවුන් ක්‍රීඩා සමාජය), උදය කීර්ති කුමාර (වයස 30යි, යුද හමුදා ක්‍රීඩා සමාජය), වයි. ඩක්සන් පුස්ලාස් (වයස 28යි, නිව් යංග්ස් සමාජය), අෂුකූර් රහුමාන්(වයස 25යි, යුද හමුදා ක්‍රීඩා සමාජය), අෆීල් මොහොමඩ් (වයස 22යි, කොළඹ පාපන්දු සමාජය), සසංග ජයසේකර (වයස 19යි, රත්නම් ක්‍රීඩා සමාජය), සජිත් කුමාර (වයස 25යි, යුද හමුදා ක්‍රීඩා සමාජය), මොහොමඩ් ෆසාල්(වයස 28යි, කොළඹ පාපන්දු සමාජය), මොහොමඩ් හස්මීර් (වයස 28යි, නාවික හමුදාව ), මොහොමඩ් රිෆ්නාස් (වයස 23යි, කොළඹ පාපන්දු සමාජය), මොහොමඩ් සර්වාන් (වයස 22යි, කොළඹ පාපන්දු සමාජය), මොහොමඩ් සබීර් (වයස 17යි, පොලිස් ක්‍රීඩා සමාජය), අසේල මධුෂාන් (වයස 18යි, රිනවුන් ක්‍රීඩා සමාජය), ඒ. ජූඩ්. සුපුන් (වයස 20යි, රිනවුන් ක්‍රීඩා සමාජය), සන්තියා නිතර්සන්(වයස 23 යි) රිනවුන් ක්‍රීඩා සමාජය), සුභාෂ් මධුෂාන් (වයස 27යි, නාවික හමුදා ක්‍රීඩා සමාජය), සමිත ප්‍රනාන්දු (වයස 22යි, යුද හමුදා ක්‍රීඩා සමාජය), චරිත් රත්නායක (වයස 22යි, කොළඹ පාපන්දු සමාජය), ධනුෂ්ක රාජපක්ෂ (වයස 25යි, නිව් යංග්ස් සමාජය), මොහොමඩ් මුස්ටාක්(වයස 20යි, ක්‍රිස්ටල් පැලස් සමාජය), චතුර ධනංජය(වයස 19යි, නිව් යංග්ස් සමාජය), චතුරංග පෙරේරා (වයස 23යි, යුද හමුදා ක්‍රීඩා සමාජය),

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();