Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රභාකරන් දෙමළ ජනයාට වීරයෙක්. දකුණේ අය එයට අකැමති වුනාට මට කරන්න දෙයක් නැහැ,හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් කියයි.

vijekala-maheshwaran

දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් කළ එල්.ටී.ටී.ඊ.නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් දෙමළ ජනතාවට වීරයෙකු බව දකුණේ ජනතාව පිලි නොගැනීම ගැන තමන්ට කළ හැකි දෙයක් නොමැති බව විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය යාපනයේදී  පවසා ඇති  බව  සදහන් වේ .යාපනයේ පලාලි ප්‍රදේශයේ සංවිධානය කොට තිබූ පැල සිටුවීමේ වැඩ සටහනකට සහභාගී වීමෙන් අනතුරුව විජකලා මන්ත්‍රීවරිය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව පැවසූ අතර එම උත්සවයට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සහභාගී වී සිටියේය.

මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරිය කියා සිටියේ දකුණේ  අයගේ උග්‍ර ජාතිවාදය තමන් මේ අනපේක්ෂිත තත්ත්වයට මුහුණදීම කෙරෙහි බලපෑ බවය.

තමන් තවමත් ප්‍රකාශ කරන්නේ ප්‍රභාකරන්ගේ සමය තුළ උතුරේ යුද්ධයක් පැවතියත් ජනතාවට අසාධාරණයක් අපරාධයක් සිදු නොවූ බව කී විජයකලා මන්ත්‍රීවරිය උතුරේ ජනතාව විසින් ගරු කරණ මතවාදය ඔස්සේ තමන් දේශපාලන කටයුතු ඉදිරියට කරගෙන යන බවද කියා සිටියාය.

තමන්ගේ දේශපාලන ගමන තීරණය වන්නේ අමාත්‍යධුර මත නොවන  බවත් අහිමි වූ අමාත්‍යධූරය ඉල්ලා යළි කිසිම දිනක ජාතීවාදී හා අසාධාරණ දේශපාලන නායකයින්  පසුපස නොයන බවත් මන්ත්‍රීවරිය මෙහිදී පවසා තිබේ.දෙමළ ජනතාව මරණ ලද දකුණේ සිංහල නායකයින්ව වීරයින් සේ සලකා ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීමට ඇති අයිතිය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි දෙමළ  නායකයින් පිළිබඳව කතා කිරීමට දෙමළ වැසියන්ටද ඇති බව සියළු දෙනාම පිළිගත යුතු බවද විජයකලා මන්ත්‍රීවරිය පැවසුවාය.

නමුත් රටේ ඇති සත්‍ය තත්ත්වය නම් උතුරේ ඇති අසාධාරණකම් හා විෂමතාවයන් පෙන්වා දෙන පිරිස ජාතිවාදීන් හා ත්‍රස්තවාදීන් වශයෙන් හංවඩු ගැසීම යැයිද ඇය වැඩි දුරටත්  කියා සිටියාය.

The post ප්‍රභාකරන් දෙමළ ජනයාට වීරයෙක්. දකුණේ අය එයට අකැමති වුනාට මට කරන්න දෙයක් නැහැ,හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();