Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රේක්ෂකයන්ගෙන් බාධා තරගය අතරමඟ නවතී

නිදහස් පා පහරකින් ගෝල සම කිරීමට සාන්ත තෝමසයේ තරූෂ බියාංක ගත් උත්සාහය ප්‍රතිවාදී ක්‍රීඩකයකු නීති විරෝධීව ස්ථාන ගතව සිටි (Off Side) හෙයින් අවලංගු කිරිමට විනිසුරුවන් කටයුතු කිරිමත් සමග සිදුවූ ප්‍රේක්ෂක මැදිහත් වීම නිසා මාතර සාන්ත තෝමස් - රාහුල විදුහල් අතර 17 වැනි වරට පැවැති රන්දද මහා පාපන්දු තරගය අත්හැර දැමීමට සංවිධායකයන්ට සිදුවිය. එම අවස්ථාවේ රාහුල විද්‍යාලය ගෝල 2-1 ලෙස ඉදිරියෙන් සිටියේය. මේ තරගයේ සත්කාරකත්වය දැරුවේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයයි.

පළමු අර්ධයේදී රාහුලය වෙනුවෙන් විනුක සමේෂණ තරගයේ 27 වන මිනිත්තුවේදීද, රෙෂාන් බ්‍රයන් වීරප්පුල්ලි තරගයේ 35 වන මිනිත්තුවේදීද ගෝල වාර්තා කළ අතර සාන්ත තෝමසය වෙනුවෙන් දෙවන අර්ධයේ 29 වන මිනිත්තුවේ නායක දිල්ශාන් තාරුක දඬුවම් පහරකින් ගෝලයක් වාර්තා කළේය.

මින් පෙර පැවති තරග වල මෙන්ම මෙම තරගයේදීද ප්‍රේක්ෂකයන් කෙමෙන් කෙමෙන් පිටියේ සීමාවන් ආක්‍රමණය කිරීම හේතුවෙන් පැති විනිසුරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද විටින් විට අපහසුතාවයට පත්වනු දැක ගත හැකිවිය.

මෙම පාසල් දෙක අතර මින් පෙර පැවති තරග දහසයෙන් අට බැගින් ජය ගෙන රාහුලයත් සාන්ත තෝමසයත් සම තත්ත්වයේ පසුවිය.

ප්‍රියාන් ද සිල්වා මාතර ක්‍රීඩා
ඡායාරූප - ප්‍රියාන් ද සිල්වා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();