Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉරානයෙන්, ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්.

Iranian President Hassan Rouhani gives a press conference in Tehran on Jaunary 17, 2017, to mark the first anniversary of the implementation of a historic nuclear deal. / AFP / ATTA KENARE (Photo credit should read ATTA KENARE/AFP/Getty Images)

තම රටේ බොරතෙල් අපනයන නතර කිරීමට ඇමෙරිකාව පියවර ගතහොත් කලාපයේ සෙසු රටවල බොරතෙල් අපනයනය ද නතර කිරීමට පියවර ගන්නා බවට ඉරාන ජනාධිපති හසන් රුහානි තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. ඇමෙරිකාව ඉරානයට එරෙහි පියවර ගතහොත්, මැදපෙරදිග කලාපයේ බොරතෙල් ප්‍රවාහන නැව් යොදාගන්නා ප්‍රධාන මුහුදු මාර්ගයක් අවහිර කරන බවට ඉරාන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙසේ සඳහන් කර ඇත.

ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ බොරතෙල් අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බවට ඇමෙරිකාව පවසා ඇත්තේ එහි ප්‍රතිවිපාක පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව බවයි.

ඉරානයෙන් බොරතෙල් අපනයනය ලබන නොවැම්බර් 4 වැනි දින සිට නතර කිරීමට පියවර නොගතහොත් එම රටවලට එරෙහිව සම්බාධක පනවන බව ඇමෙරිකාව මීට පෙර සඳහන් කර ඇත.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම බිඳවැටීම වැලැක්වීමේ අරමුණින් මේ වනවිට වියානා නුවරට ගොස් සිටින ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ගිවිසුමට අත්සන් තැබූ සෙසු රටවල් ඉරානයේ ආරක්ෂාව තහවුරු කරන්නේ නම් ඇමෙරිකාව රහිතව වුවත් න්‍යෂ්ටික ගිවිසුමට බැඳී සිටීමට තමන් එකඟ බවයි.

2015 වසරේ එළඹි ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් චීන, ප්‍රංශ, ජර්මානු, බ්‍රිතාන්‍යය සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් හෙට වියානා නුවරදී ඉරාන බලධාරීන් හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

The post ඉරානයෙන්, ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();