පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටියි. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප නිලධාරී හමුවටද දයාසිරි ජයසේකර සහභාගී වූ අතර ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවට ඔහු සහභාගී නොවීය. තවද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ඇමති මහින්ද සමරසිංහ ශ්‍රීලනිප සම මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙසද පත් කර ඇත. එළැඹෙන 07 වැනිදා දයාසිරි ජයසේකර විසින් පඩුවස්නුවර ශ්‍රීලනිප ආසන බල මණ්ඩලයද කැදවා තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසිමේදී මන්ත්‍රීවරයා සදහන්කර ඇත්තේ තම නව තනතුර ගැන මෙතෙක් දැනුවත් නොමැති බවත් තමන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී පැහැදිලි කිරීමක් සිදු කරන බවත්ය.
The post දයාසිරිට ශ්‍රීලනිප මහලේකම් තනතුර? appeared first on Lanka News Column.
0 Comments