එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් සටහන් කරගත් ප්‍රකාශය ඇතුළත් වාර්තාව ඉදිරියේදී නීතිපතිවරයාට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටී. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පැය තුනහමාරකට ආසන්න කාලයක් මන්ත්‍රීවරියගෙන් අදාළ ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසිනි.
එමෙන්ම තමන් අදාළ සම්පූර්ණ කතාව එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීමට මිස එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදු නොකළ බව හිටපු රාජ්‍ය අමාත්‍යවරිය එහිදී සඳහන් කළ බව පැවසේ.
පොලිසිය පෙන්වා දී සිටින්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳව සිදු කළ ප්‍රකාශය අත්වැරදීමකින් සිදු වූ බව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය එහිදී ප්‍රකාශ කල බවයි.
විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය එල්.ටී.ටී.ඊ.ය පිළිබඳව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අදාළ උත්සවයට සහභාගි වූ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු 40 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post විජයකලාගෙන් ලබාගත් ප්‍රකාශය ඇතුළත් වාර්ථාව නීතිපතිවරයා වෙත. appeared first on Lanka News Column.
0 Comments