Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නියම කර ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමගයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය මේ වන විට ආනයනය කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

2015 වසරේ සිට අලුගෝසූ තනතුර පුරප්පාඩුව පවතියි.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටින රැඳවියන් සංඛ්‍යාව 13 කි.

ඉන් 12 ක් ම පිරිමි රැඳවියන් වන අතර එක් කාන්තා රැඳවියක් ද ඒ අතර වේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();