Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් හමුදාවෙන් ක්‍රීඩිකාවෝ 7ක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියට සහභාගී වන ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම කසකස්තානය බලා ඊයේ පිටත්ව ගියහ. මෙම කන්ඩායමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ක්‍රීඩිකාවෝ 7ක් ඇතුලත්ව සිටිති. එමෙන්ම යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවෝ තිදෙනකු හා නාවික හමුදාවේ ක්‍රීඩිකාවන් දෙදෙනකු ද ඇතුලත්ව සිටිති. රටවල් 10 ක් සහභාගී වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ‘සී‘ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයේ පීලිපීනය, ඉන්දුනිසියාව සහ වියට්නාමය සිටිති.

තරගාවලිය ජුලි 11 සිට ජුලි 18දක්වා කසකස්ථානයේ යූස්ට් කැමන්ගොරක් නගරයේදී පැවැත්වෙන අතර එම තරගාවලිය සඳහා සහභාගී වන කාන්තා කණ්ඩායමේ නායකත්වය චතුරිකා ගයනි රණසිංහ ක්‍රීඩිකාවට හිමිව ඇත.

ප්‍රධාන පුහුණුකරු ලෙස සුමිත් ජයලාල්, සහාය පුහුණුකරු ලෙස සුසිරි මංගල , කළමණාකරු ලෙස තුෂාර සම්පත් පෙරේරා, කණ්ඩායම් විනිසුරු ලෙස ටී.සී හේවා යන මහත්වරු සහ කණ්ඩායම් භාර කාන්තා නිලධාරිනිය ලෙස ක්‍රීෂන්ති ජයවර්ධන මහත්මිය කසකස්තානය බලා පිටත්ව ගියහ.

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් පිල මෙසේය:

චතුරිකා ගයනි රණසිංහ (නායිකා), අශානි චමෝදිකා, අනුෂා සඳමාලි, චාන්දනී අරුණ වසන්ති, නදුනි හිමංසලා, අනුත්තරා සඳමාලි, අමානි කෞෂල්‍යා (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) අප්සරා සෙව්මාලි, තිළිණි වාසනා, සංජීවනි කරුණාරත්න, සචිනි චාරුකා (ශ්‍රී ලංකා යුධ හමුදාව), දිලුෂා සංජීවනි, කවීෂා ලක්ෂානි (ශ්‍රී ලංකා නාවික හමුදාව), දිපිකා බණ්ඩාර ( මාස් කැෂුවල් ලයින්)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();