Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාන්ගේ පිතිහරඹයෙන් ශූරතාව පාකිස්තානයට

ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා සිම්බාබ්වේ හී හරාරේ නුවර පැවැති විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 6කින් පරදවා ශූරතාව දිනාගැනීමට පාකිස්තානය සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු 183 හඹා ගිය පාකිස්තානය පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගත්තේ කඩුලු 4ක් පමණක් දැවී යාමෙන් පසුවය.

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ සමාන් පන්දු 46කදී ලකුණු 91ක් රැස් කරමින් පාකිස්තානයේ ජයමාවත විවර කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. සොයිබ් මලික් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 107ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ද ඔහු සමත්විය. සමාන්ගේ දැවීයාමෙන් පසුව ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන ගිය මලික් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 43කි.

ඔස්ට්‍රේලියාව - 183/8 (ඕවර 20) ආර්සි ෂෝර්ට් 76, ආරොන් ෆින්ච් 47 (මොහොමඩ් ආමීර් 33/3)

පාකිස්තානය - 187/4 (ඕවර 19.2) ෆකාර් සමාන් 91, සොයිබ් මලික් නොදැවී 43 (ග්ලෙන් මැක්ස්වෙල් 35/2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();