Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් 64යි පවර් බෝට් ගැසට් වෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාවේ ලියාපදංචි 64 වැනි ක්‍රීඩා සංගමය ලෙස පවර් බෝට් ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල පිළිගැනීමට ලක්වෙයි. ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ නියමයෙන් ක්‍රීඩා පනතේ වගන්ති ප්‍රකාරව 64 වැනි ක්‍රීඩා සංගමය ලෙස පවර් බෝට් ක්‍රීඩාව ලියාපදිංචි කළ බව පසුගියදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.

මෙයට පෙර 63 වැනි ක්‍රීඩා සංගමය ලෙස ‘මූයි තායී‘ ක්‍රීඩා සංගමය අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්ව තිබිණි.

එහෙත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බොහෝ ක්‍රීඩා සංගම් ක්‍රියාකාරී මට්ටමේ නොමැති අතර වාර්ෂික අය - වැය වාර්තා සකසා වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීමට ද අපොහොසත්ව තිබේ. ගෙවි ගිය වසරේ ගිණුම් වාර්තා රජයේ විගණකාධිපතිවරයාගෙන් අනුමත කර ගැනීමට අපොහොසත්වූ ලියාපදිංචි ක්‍රීඩා සමාජ 59ක් බව ක්‍රීඩා අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණය වුණි. එම ක්‍රීඩා සංගම්වල වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීම උදෙසා ගිණුම් විගණනය කරගන්නා තෙක් දින රහිත සමා කාලයක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළේය.

මේ අතර ශ්‍රී ලංකා හොකී සංගමයේ නිසි බලධාරියා ලෙස වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ බුවනෙක හේරත් මහතා පත් කිරීමට ද පියවර ගෙන ඇත. හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතා හොකී නිසි බලධාරියා ලෙස පත්ව සිටි අතර වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට හොකී පරිපාලන කටයුතු පහසු කිරීම සදහා ගැසට් නිවේදනය ප්‍රකාශ කොට ඇත. හිටපු හොකී නිලධාරීන් පිරිසක් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කොට තිබූ අතර, ක්‍රීඩා ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී හොකී නිලවරණය පැවැත්වීමේ එකඟතා ඇති විය. ඒ අනුව ඉදිරියේදී හොකී නිලවරණය පවත්වන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();